Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ නවසීලන්තය අතර ලීඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ එංගලන්තය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. බෙන් ස්ටෝක්ස් නායකත්වයට පත්වීමෙන් අනතුරුව එංගලන්ත ටෙස්ට් කණ්ඩායම සහභාගි වූ පළමු තරගාවලියද මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 296 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 3 ක් පමණක් දැවී පස්වැනි දිනයේ (27 වැනිදා) දිවා ආහරයෙන් අනතුරුව එම ඉලක්කය සපුරාගත්හ. එංගලන්ත දෙවැනි ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජෝ රූට් (නොදැවී 86) සහ ජොනී බෙයාස්ටෝ (නොදැවී 71) සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
පළමු ඉනිමේදී අගනා ශතකයක් (162) ලබාගත් බෙයාස්ටෝ දෙවැනි ඉනිමේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 44 කදී ලබාගත් අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ජෝ රූට් හයේ පහරකින් සහ හතරේ පහරකින් සිය අර්ධ ශතකය සැරසුවේය.
තෙවැනි පිතිකරුවා වූ ඔලි පෝප් (82) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද රූට් සමත් විය. ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ දැවී යන විට පෝප්ගේ අර්ධ ශතකය හතරේ පහර 12 කින් සමන්විත වී තිබිණ.
නවසීලන්ත ඉනිම් දෙකේදීම කඩුලු 5 බැගින් දවාගත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ලීක් මෙම තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක ජෝ රූට් සහ නවසීලන්ත පිතිකරු ඩැරිල් මිචෙල් තරගාවලියේ වීරයන් ලෙස සම්මාන ලැබූහ.
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 329
එංගලන්ත පලමු ඉනිම - සියලු දෙනා දැවී 360
නවසීලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 326
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 296
(සැක් ක්‍රොව්ලි 25, ඔලී පෝප් 82, ජෝ රූට් නොදැවී 86, ජොනී බෙයාස්ටෝ නොදැවී 71)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.