Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත ‘ඒ‘ පිල ශ්‍රී ලංකාවේ

එංගලන්ත ‘ඒ‘ පිල ශ්‍රී ලංකාවේ

editorial - 2023 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් තරග 2 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත තරග සංචාරයකට සහභාගි වීම සඳහා එංගලන්ත ‘ඒ‘ (ලයන්ස්) කණ්ඩායම මෙම මස අග භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරගාවලියට අයත් ටෙස්ට් තරග 2 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එක්දින තරග 3 පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.

තරගාවලිය ආරම්භ වීමට පෙර මෙම මස 25 වැනිදා සිට 27 වැනිදා දක්වා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පෙරහුරු තරගයක්ද පැවැත්වීමට නියමිතය.


තරග කාල සටහන
■ ජනවාරි 25 සිට 27 දක්වා - පෙරහුරු තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■    ජනවාරි 31 සිට පෙබරවාරි 3 දක්වා - පළමු ටෙස්ට් තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■    පෙබරවාරි 7 සිට 10 දක්වා - දෙවැනි ටෙස්ට් තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■    පෙබරවාරි 15 - පළමු එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■    පෙබරවාරි 18 - දෙවැනි එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■    පෙබරවාරි 21 - තෙවැනි එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

-036

 


අදහස් (0)

එංගලන්ත ‘ඒ‘ පිල ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.