Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පන්දු යවන්නන් හමුවේ පසුබෑමකට ලක්වුවද ඔලී පොප්ගේ (81) සහ ක්‍රීස් වෝක්ස්ගේ (50) අර්ධ ශතක හමුවේ තරමක් හිස එසවූ එංගලන්ත පළමු ඉනිම ලකුණු 290 කට සීමා විය. සිව්වැනි ටෙස්ට් තරගය දෙවැනි දිනයටත් අද (3 වැනිදා) ලන්ඩන් නුවර ඕවල්හිදී පැවැත්විණි.
ලකුණු 62 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී හයවැනි කඩුල්ල සඳහා එක්වූ ඔලී පොප් සහ ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 89 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් එංගලන්ත ඉනිම ගොඩනැගූහ. පළමු දිනයට ඊයේ (2 වැනිදා) තරගය අවසන් කරන විට ලකුණු 53 කට කඩුලු 3 ක් අහිමිකර ගෙන සිටි එංගලන්තය අද උදෑසනම ලකුණු 9 ක් තුල තවත් කඩුලු 2 ක් අහිමිකර ගත්තේය.
ඊයේ අවසන් මොහොතේ පන්දුවට පහරදීම සඳහා මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ක්‍රෙග් ඕවර්ටන් අද දිනයේ යවන ලද දෙවැනි ඕවරයේදී දවා ගැනීමට උමේෂ් යාදව් සමත්විය. ඉන් නොනැවතුණු යාදව් ඬේවිඞ් මාලන්ද ලකුණු 31 කට පිටියෙන් ඉවත් කළේය.
මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ හයවැනි කඩුල්ල ලෙස ලකුණු 37 ක් රැස්කර සිටි ජොනී බෙයාර්ස්ටෝ දැවී යාමෙන් පසුව ඔලී පොප් සමගින් එක්වූ මොයින් අලී 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 71 ක සම්බන්ධතාවයක් පැවැත්වීය.
රවින්ද්‍ර ජදේජගේ පන්දුවක් හමුවේ රෝහිත් ෂර්මා අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 35 ක් රැස්කර සිටි මොයින් අලී දැවී ගිය අතර 8 වැනි කඩුල්ල ලෙස ලකුණු අතර සිටි ඔලී පොප් දවාගැනීමට ශර්දුල් ඨාකූර් සමත්විය.
නැවතත් රවින්ද්‍ර ජදේජගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඔලී රොබින්සන් ලකුණු 5 කට දැවී ගිය අතර අවසන් කඩුල්ල ලෙස ක්‍රිස් වෝක් දුවද්දී දැවීයාමකට හසුවිය.
ලකුණු 99 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දියාව අද දෙවැනි දිනටත් තරගය අවසන් කරන විට කිසිවකු නොදැවී ලකුණු 43 ක් රැස්කර සිටියේය. රෝහිත් ෂර්මා ලකුණු 20 ක් සහ ලෝකේෂ් රාහුල් ලකුණු 22 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ඒ අනුව ඉන්දියාව තවත් ලකුණු 56 ක් පසු පසින් සිටින්නේය.
ඉන්දියාව - පළමු ඉනිම සියලුදෙනා දැවී 191 යි
එංගලන්තය - පළමු ඉනිම සියලුදෙනා දැවී 290 යි
(ඩේවිඩ් මාලන් 31, ජෝ රූට් 21, ඔලී පොප් 81, ජොනී බෙයාර්ස්ටෝ 37, මොයින් අලී 35, ක්‍රීස් වෝක්ස් 50, උමේෂ් යාදව් 76/3, ජස්ප්‍රීට් බුම්රා 67/2, රවින්ද්‍ර ජදේජා 36/2)
ඉන්දියාව - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 43
(රෝහිත් ෂර්මා නොදැවී 20, ලෝකේෂ් රාහුල් නොදැවී 22)
(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.