Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඌවට කඩුලු 3 ක ජයක්

ඌවට කඩුලු 3 ක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ “ප්‍රිමා“  කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායමට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට ඌව පළාත් කණ්ඩායම ඊයේ (25 වැනිදා) සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පළමුව පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම ඕවර 32. 1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් රැස්කර සිටියදී වර්ෂාව හේතුවෙන් ඉනිම අත්හිටවූ අතර ඌව පළාත් කණ්ඩායමට පැරබෝලා න්‍යායට අනුව ලකුණු 111 ක ඉලක්කයක් හිමිවිය.

බස්නාහිර දකුණ (පිටත) - ඕවර 32.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155
(රමේෂ් සිල්වා 45, අමිල පෙරේරා නොදැවී 29, ශරොන් ෆොන්සේකා 26, මිතිල තෙනුර 22)

ඌව පළාත - ඕවර 17.2 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 112
(කවිඳු ලක්ෂාන් 22, දිනුක අනුපමාල් 08/2, චාරුක ජයතිලක 26/2)


අදහස් (0)

ඌවට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.