ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී උතුරු පළාත් කණ්ඩායම පරදවා ලකුණු 166 කින් ජය ගැනීමට ඌව පළාත් කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනයේ ශාන්ත පැට්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ලෂේන් කෙනුල (82) සහ සකුන නිදර්ශන (55) අර්ධ ශතක ලබාගනිමින් ඌව පළාත් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ඒ. දිනෝශන් ලකුණු 48 කට කඩුලු 5 ක් දවාගනිමින් උතුරු පළාත් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ඌව පළාත - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 281
(ලෂේන් කෙනුල 82, සකුන නිදර්ශන 55, රන්දුණු ගංගානාත් 36, තෙවින් අමරසිංහ 31, ඒ. දිනෝශන් 48/5, පී. ජොනතන් 36/3)
උතුරු පළාත - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී ලකුණු 115
(බී.එන්තුජාන් 24, දුමේෂ් තිමිර 07/2, සවිත් බස්නායක 19/2, නිපුන් කාංචන 22/2, කල්ප භානුක 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.