ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 14 ක් හිමිකරගත් ඌව පළාත් කණ්ඩායමත් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැණීමට ප්‍රසාද ලකුණු 15 ක් හිමිකරගත් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමත් සමත්වී ඇත.
ඌව පළාත් කණ්ඩායම තරග හතරකට සහභාගීවී ඉන් තරග තුනක් ජයගනිමින් අතිරේක ප්‍රසාද ලකුණු දෙකක්ද හිමිගැනීමට සමත්වී ඇති අතර තරග තුනකට සහභාගීවී තරග තුනම ජයගත් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අතිරේක ප්‍රසාද ලකුණු තුනක් හිමිකර ගෙන ඇත.
ඒ කාණ්ඩය
| කණ්ඩායම | තරග | ජය | පරාජ |
අතිරේක ප්‍රසාද ලකුණු |
විසදුමකින් තොර |
ප්‍රසාද ලකුණු |
ලකුණු ලබාගැනීමේ වේගය |
| ඌව පළාත | 4 | 3 | 1 | 2 | - | 14 | 1.147 |
| දකුණු පළාත | 3 | 2 | - | 2 | 1 | 12 | 3.331 |
| බස්නාහිර පළාත් දකුණ | 3 | 2 | 1 | 1 | 1 | 11 | 1.107 |
| බස්නාහිර පළාත් දකුණ (පිටත) | 3 | 2 | 1 | 1 | - | 9 | 0.772 |
| නැගෙනහිර පළාත | 4 | 1 | 3 | - | - | 4 | 0.073 |
| උතුරු පළාත | 3 | - | 3 | - | - | 0 | -2.99 |
බී කාණ්ඩය
| කණ්ඩායම | තරග | ජය | පරාජ |
අතිරේක ප්‍රසාද ලකුණු |
විසදුමකින් තොර |
ප්‍රසාද ලකුණු |
ලකුණු ලබාගැනීමේ වේගය |
| බස්නාහිර පළාත් මධ්‍යම | 3 | 3 | - | 3 | - | 15 | 1.299 |
| මධ්‍යම පළාත | 3 | 2 | - | 2 | 1 | 12 | 2.18 |
| බස්නාහිර පළාත් උතුර (පිටත) | 3 | 2 | 1 | 1 | 1 | 11 | 0.65 |
| බස්නාහිර පළාත් උතුර | 3 | 2 | 1 | 1 | - | 9 | 0.851 |
| වයඹ පළාත | 3 | - | 3 | - | - | 0 | -1.582 |
| උතුරු මැද පළාත | 3 | - | 3 | - | - | 0 | -2.917 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.