Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උමේර්ගෙන් ලකුණු 46 කට කඩුලු 9 ක්

උමේර්ගෙන් ලකුණු 46 කට කඩුලු 9 ක්

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල ඊයේ (23 වැනිදා) සමත්විය. මෙම තරගය ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

ත්‍රිත්ව විදුහල පළමු ඉනිම සදහා කඩුලු 4 ක් දැවි ලකුණු 207 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවා ඉබ්බාගමුව ම.ම. විද්‍යාලයට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. පසාන් ගනේගොඩ නොදැවී ලකුණු 101 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.

ඉබ්බාගමුව ම.ම. විද්‍යාලීය පළමු ඉනිමේදී ලකුණු 17 කට කඩුලු 6 ක් දවාගත් උමේර් රයිසාන් දෙවැනි ඉනිමේදීද ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූයේය.


ත්‍රිත්ව විදුහල - පළමු ඉනිම - ඕවර 34.1 කදී කඩුලු 4 ක් දැවී 207
(පසාන් ගනේගොඩ නොදැවී 101, අභිෂේක් ආනන්දකුමාර 43, පවන් පතිරාජ 42, ශෂින්ත ඒකනායක 54/2)

ඉබ්බාගමුව ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 32 කදී සියලුදෙනා දැවී 81
(ප්‍රබුද්ද ප්‍රේමලාල් 26, උමේර් රයිසාන් 17/6, දිනෙක ඇහැලේපොල 18/3)

ඉබ්බාගමුව ම.ම. විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 24 කදී කඩුලු 7 ක් දැවී 55
(අභිෂේක් ආනන්දකුමාර 25/4, උමේර් රයිසාන් 29/3)

 


අදහස් (0)

උමේර්ගෙන් ලකුණු 46 කට කඩුලු 9 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.