Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උමාර් අක්මල් ගෙදර එවයි

උමාර් අක්මල් ගෙදර එවයි

ශනුක අරවින්ද - 2017 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දින දෙකකදී පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ දෙකකින් අසමත්වීම හේතුවෙන් පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල් නැවතත් පාකිස්තානයට පිටත්කර යැවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. අක්මාල් වෙනුවට උමාර් අමීන් සහ හැරිස් සොහෙල් කණ්ඩායමට එක්කර ගැනීමට පාකිස්තානු තේරීම් කමිටුව කටයුතු යොදමින් සිටියි.

“ශූරයන්ගේ කුසලාන වෙනුවෙන් එංගලන්තයේදී පැවැත්වෙන පුහුණු කඳවුරේදී ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ දෙකකින් අසමත්වුනා” යැයි පාකිස්තාන ක්‍රිකට් ආයතන සභාපති ශාරියාර් ඛාන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට පැවැසීය.

“අපේ ප්‍රතිපත්ති වලට අනුව ශාරීරික යෝග්‍යතාව නැති ක්‍රීඩකයින් සමගින් අපිට ඉදිරියට යන්න බෑ.  ඔහුව නැවත ගෙන්වා ගෙන වෙන අයකු යැවීමට කටයුතු කරනවා. ඒ සදහා අපට මැයි 25 වැනිදා දක්වා කාළය තිබෙන අතර ඒ අතරතුර නිසි ආදේශකයක් යැවීමට කටයුතු යොදමින් සිටිනවා” යයිද ශාරියාර් ඛාන් මහතා පැවසිය.

අමීන් සහ සොහෙල් මෑතකදී එක්දින තරග සදහා එක්වී නොමැත. 2014 ඔක්තෝබර් මාසයේදී අවසන් වරට එක්දින තරගයක් සදහා අමින් ක්‍රීඩාකළ අතර සොහෙල් 2015 මැයි මාසයේදී සිම්බාබ්වේට එරෙහිව අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩාකර ඇත.

අප්‍රේල් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් පැවැති තරගාවලියේදී කැඳවූ සංචිතයෙන් ඉවත්කළ අක්මාල් නැවතත් ශුරයන්ගේ එක්දින සංචිතය සදහා කැඳවීය. මාර්තු මාසයේදී පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වූ එක්ම ක්‍රීඩකයා අක්මාල් වූවද රාවල්පින්ඩිහිදී පැවැති පාකිස්තාන කුසලානයේදි ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මැනවින් පෙන්වීය.

වාර්ෂික තක්සේරුවේදී අක්මාල්ගේ බර කි.ග්‍රෑම් 91 ක් වූ අතර මේද මට්ටම පරීක්ෂා කිරීයේදී 115.6 ක් ලෙස මාපනයවිය.
මෑත කාලයේදී ශාරීරික යෝග්‍යතාවට ප්‍රමුඛත්වය දීමට පාකිස්තානය තීරණය කිරීමත් සමගින් තේරීම් කමිටුව සහ කණ්ඩායම් කළමණාකාරීත්වය තදබල ප්‍රතිපත්ති ක්‍රීයාවට නංවා තිබේ.

“අප ශාරීරික යෝග්‍යතා මට්ටමක් නියම කරලා තියෙනවා. ආරම්භයේදී ඒ මට්ටම පවත්වාගෙන යාම අසීරු දෙයක් නොවේ” යැයි තේරීම් කමිටු සභාපති ඉන්සමාම්-උල්-හක් පැවසීය.

“ඔහු මේවනවිට සාමාන්‍ය මට්ටමක නෑ. මොනම ක්‍රීඩකයෙක් කොහොම දක්ෂතා පෙන්නුවත් ශාරීරික යෝග්‍යතා මට්ටමට නැතිනම් අප ඔහුව තෝරාගන්නේ නෑ. අක්මාල් ඉවත්කිරීම අනෙක් ක්‍රිඩකයින්ට තරවටු කිරීමක් මෙන්ම පාඩමක් ඉගැන්වීමක්ද වෙනවා. ඔහු හොද ක්‍රීඩකයෙක්, අපිට ඔහු අවශ්‍යයි, නමුත් අපිට තීරණයක් ගන්න වෙනවා” යයිද ඉන්සමාම් උල් හක් පැවසීය.

ආරම්භයේ සිට විනය පිළිබඳ ප්‍රශ්න ගනනාවකට අක්මාල් දායකවී ඇත. දේශීය ක්‍රිකට් තරගවලදී දස්කම් දැක්වීමෙන් අක්මාල්ට නැවතත් ජාතික කණ්ඩායමේ තම ස්ථානය ලබාගත හැකිබව හිටපු පුහුණකරුවකු වන වකාර් යුනිස් පවසා ඇත. පාකිස්තාන කුසලානයේදී ජුනයිඞ් ඛාන් සමගින් කෙළ ගසාගැනිමකටද උමාර් අක්මාල් එක්විය.


අදහස් (0)

උමාර් අක්මල් ගෙදර එවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.