Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉෆ්තිකර් - ශදාබ් පාකිස්තානය ඔසවා තබති
පාකිස්තාන - දකුණු අප්‍රිකා තරගය

ඉෆ්තිකර් - ශදාබ් පාකිස්තානය ඔසවා තබති

editorial - 2022 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර අද (3 වැනිදා) සිඩ්නි නුවරදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 185 ක් ලබාගැනීමට සමත් විය. 

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශදාබ් ඛාන් පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 52 ක් රැස්කළ අතර පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඉෆ්තිකර් අහමඩ් පන්දු 35 කින් ලකුණු 51 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වූ ෆකාර් සමාන් වෙනුවට පාකිස්තාන කණ්ඩායමට එක්වූ මොහොමඩ් හාරිස් පන්දු 11 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග වේගවත් ලකුණු 28 ක් රැස්කළේය. යළිත් සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ මොහොමඩ් නවාස්ද පන්දු 22 කින් ලකුණු 28 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. 

සිය ඕවර 4 තුළ කඩුලු 4 ක් දවාගැනීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රික් නොකියා සමත් වුවද, එම ඕවර 4 තුළදී ඔහුගෙන් ලකුණු 41 ක් උදුරාගැනීමට පාකිස්තාන පිතිකරුවෝ සමත් වූහ. වේන් පනේල්, කගිසෝ රබාඩා, ලුංගි න්ගිඩි සහ තබ්‍රේස් ශම්ෂි එහිදී එක් කඩුල්ල බැගින් බිඳහෙළීමට සමත් වූහ. 

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 9 කට 185
(මොහොමඩ් හාරිස් 28, ඉෆ්තිකර් අහමඩ් 51, මොහොමඩ් නවාස් 28, ශදාබ් ඛාන් 52, ඇන්රික් නොකියා 41/4) 

-036


අදහස් (0)

ඉෆ්තිකර් - ශදාබ් පාකිස්තානය ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.