Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
කොළඹ නාලන්දා විදුහලට එරෙහිව කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් ඉසිපතන විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඉසිපතන විදුහලේ ප‍්‍රමෝද් මධුවන්ත ඉනිම් දෙකේදීම අර්ධ ශතක (73 ක් සහ නොදැවී 58 ක්) ලබාගනිමින් සහ ලකුණු 60 කට කඩුලූ 6 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
පළමු ඉනිමේදී ලකුණු 91 කට දවාගත් කඩුලූ 8 ත් සමගින් සමස්ත තරගයේදීම ලකුණු 123 කට කඩුලූ 10 ක් දවාගැනීමට නාලන්දා විදුහලේ අසේල කුලතුංග සමත් විය.
ඉසිපතන පළමු ඉනිම - සියලූ දෙනා දැවී 280
(ප‍්‍රමෝද් මධුවන්ත 73, පැතුම් නිස්සංක 51, සංජුල අබේවික‍්‍රම 43, අසේල කුලතුංග 91/8)
නාලන්දා විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 201
(දසුන් සෙනවිරත්න 71, මාලිංග අමරසිංහ 39, ප‍්‍රමෝද් මධුවන්ත 60/6, ළහිරු දිල්ෂාන් 41/3)
ඉසිපතන දෙවැනි ඉනිම - කඩුලූ 4 ක් දැවී 168
(විශාද් රන්දික 54, ප‍්‍රමෝද් මධුවන්ත නොදැවී 58, අසේල කුලතුංග 2/32)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.