අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මරදාන සහිරා විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර කොළඹ බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.
ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා ලකුණු 145 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් සහිරා විදුහල, තරගය නිමාවන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 95 ක් රැස්කරගෙන සිටියේය.
එහිදී විසාද් රන්දික (72) සහ සාලින්ද උෂාන් (59) ඉසිපතන විදුහල වෙනුවෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.
සහිරා විදුහලේ ශිහාන් වීරසිංහ ලකුණු 45 කට කඩුලූ 5 ක් දවාගනිමින් සහ නොදැවී ලකුණු 63 ක් රැස්කරමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත්විය.
ඉසිපතන විදුහල පළමු ඉනිම - ඕවර 93 කදී සියලූ දෙනා දැවී 270
(විසාද් රන්දික 72, සාලින්ද උෂාන් 59, දාවිස් ඉමේෂ 41, ප‍්‍රමෝද් මධුවන්ත 30, ශිහාන් වීරසිංහ 45/5, අහමඞ් අමන් 24/2)
සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 69.2 කදී සියලූ දෙනා දැවී 125
(අර්ශාඞ් ඉමාමුදීන් 58, යොමේෂ් රණසිංහ 32/3, ශෙනාල් දීරක 17/2, ප‍්‍රමෝද් මධුවන්ත 17/2)
සහිරා විදුහල දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලූ 4 ක් දැවී 95
(ශිහාන් වීරසිංහ නොදැවී 63)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.