Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය පළමු ඉනිම 457 යි

ඉන්දීය පළමු ඉනිම 457 යි

ශනුක අරවින්ද - 2014 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (10) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 43 ක් ලබා සිටියේය.

ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 457 ක් රැස්කිරීමට සමත් විය.

ලකුණු 346 කට කඩුලූ නවයක් දැවී තිබියදී බුවනේෂ්වර් කුමාර් (58) සහ මොහොමඞ් ශාමි (නොදැවී 51) 10 වැනි කඩුල්ලට ලකුණු 111 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

දිවා විවේකය වන විට කඩුලූ පහක් දැවී ලකුණු 342 ක් ලබා සිටි ඉන්දීය පිලේ අවසන් කඩුලූ හතර ලකුණු දෙකක් තුළ බිඳ වැටීමෙන් ඉනිම අඩපණ විය.

ආරම්භක පිතිකරු මුරලි විජේ පන්දු 361 කදී හතරේ පහර 25 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 146 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

ඉන්දීය පිල පළමු ඉනිම  ඕවර 161 කදී සියලූ දෙනා දැවී 457
(මුරලි විජේ 146, චෙටෙෂ්වර් පුජාරා 38, අජින්යා රහනේ 32, මහේන්ද්‍ර සිං දෝනි 82, රවීන්ද්‍ර ජඬේජා 25, බුවනේෂ්වර් කුමාර් නොදැවී 58, මොහොමඞ් ශාමි නොදැවී 51, ජේම්ස් ඇන්ඩසන් 123/3, ස්ටුවට් බ්‍රෝඞ් 53/2, බෙන් ස්ටොකිස් 81/2)

එංගලන්ත පිල පළමු ඉනිම  ඕවර 17 කදී කඩුලූ 1 ට 43
(සෑම් රොබ්සන් නොදැවී 20, ගැරි බැලන්ස් නොදැවී 15)

-048


අදහස් (0)

ඉන්දීය පළමු ඉනිම 457 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.