Last Update  :  2025-12-29 15:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය කාන්තාවෝ තුන්වැනි එක්දින තරගයත් දිනති

ඉන්දීය කාන්තාවෝ තුන්වැනි එක්දින තරගයත් දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා පිල සමග පැවති තෙවැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 95 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය කාන්තා කි‍්‍රකට් පිල, තරග 3 කින් සමන්විතවූ එක්දින තරගාවලිය තරග 3 - 0 ලෙස ජයගැනීමට අද (23 වැනිදා) සමත් විය.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන්ට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 134 ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකාරිනියන් 6 දෙනකම ලකුණු 10 සීමාව පසුකර යෑමට පෙර දවාගැනීමට ඉන්දීය පන්දුයවන්නියන් සමත්වූ අතර දඟ පන්දු යවන කී‍්‍රඩිකා පූනම් යාදව් ලකුණු 13 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කී‍්‍රඩිකාවෝ නියමිත  ඕවර 50 තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 229 ක් රැස්කළහ.

එහිදී ඉන්දීය පිලේ නායිකා මිතාලි රාජ් පන්දු 109 කදී ලකුණු නොදැවී 104 ක් රැුස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක්ද සමගිනි.

ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 50 කදී කඩුලූ 5 කට 229
(අනගා දේශ්පාන්ඬේ 24, ස්මි‍්‍රති මන්ධනා 16, මිතාලි රාජ් නොදැවී 104, හර්මන්ප‍්‍රීත් කෞර් 24, අමිතා ශර්මා 16, ජූලන් ගෝස්වාමි නොදැවී 26, චමරි පොල්ගම්පල 34/2,  ඕෂදී රණසිංහ 50/2)

ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම ඕවර 44 කදී සියලූදෙනා දැවී 134
(ලසන්ති මධුෂානි 23, චමරි අතපත්තු 19, චමරි පොල්ගම්පල 20, ගෞෆර් සුල්තානා 15/4,  ඕෂදී රණසිංහ 29, පූනම් යාදව් 13/4, රාජේෂ්වරී ගායක්වාද් 16/2, ස්නේහා රානා 37/2)

036


අදහස් (0)

ඉන්දීය කාන්තාවෝ තුන්වැනි එක්දින තරගයත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.