හිටපු ඉන්දීය පිතිකරු වූර්කරි රාමන් මහතා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කර ඇත. විස්සයි20 කාන්තා ලෝක ශුරතා තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ජ්‍යෙෂ්ඨ පිතිකාරිනිය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල පැවැති විවාදසම්පන්න කාලය රාමන් මහතාගේ පත්කිරීම සමගම අවසන් විය.
පුහුණුකරු තේරීමේදී පළමු කැමැත්ත හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු ගැරී කර්ස්ටන් මහතාට හිමිවුවත් ඉදිරියේදී පැවැත්විමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කොන්ත්‍රාත්තුව හේතුවෙන් ඔහුව තෝරා නොගත්බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පැවසීය.
පසුගිය මාසයේදී රමේෂ් පවාර් විසින් ජේෂ්ට පිතිකාරිනිය මිතිලා රාජ්ගේ ක්‍රීඩා දිවිය අවසන් කිරීමට උත්සහ කළ බව පවසමින් ඇය දෝෂාරෝපණය කළාය. විවිධ හේතුන් සලකා බැලූ කපිල් දේව් මහතා ඇතුලු සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත තාවකාලික අධීක්‍ෂණ කමිටුව විසින් ටෙස්ට් තරග 11 කට ඉන්දීයාව වෙනුවෙන් දායකත්වය දැක්වූ වූර්කරි රාමන් මහතා තෝරා ගත්තේය.
ඉන්දීය කාන්තා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය වන මිතිලා රාජ් විස්සයි20 කාන්තා ලෝක ශුරතා තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉවත් කළ අතර එම තරගය කඩුලු 8 කින් පරාජයට පත්විය. මේ වනවිට ඉන්දීය කාන්තා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හී තෙවැනි ස්ථානයේ පසුවන අතර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හී පස්වැනි ස්ථානයේ පසුවන්නේය.
53 හැවිරිදි වූර්කරි රාමන් මහතා පසුගිය මාස 20 ක කාළය තුල පත්වූ සිවුවැනි පුහුණුකරුවා විය.
2011 වසරේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම සඳහා උපරිම දායකත්වය දැක්වූ ගැරී කර්ස්ටන් මහතා ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවාද වන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.