Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 5 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන සැප්තැම්බර් මස 7 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. 

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරග දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් තරගය මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

විස්සයි20 තරගාවලියේ තරග 2 ක්ද කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තවත් තරග 2 ක් කොළඹ සී.සී.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද, සෙසු තරගය කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

එක්දින තරගාවලිය 
පළමු එක්දින තරගය - සැප්තැම්බර් මස 11 වැනිදා - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
දෙවැනි එක්දින තරගය - සැප්තැම්බර් මස 13 වැනිදා - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
දෙවැනි එක්දින තරගය - සැප්තැම්බර් මස 16 වැනිදා - කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 


විස්සයි20 තරගාවලිය 
පළමු විස්සයි20 තරගය - සැප්තැම්බර් මස 19 වැනිදා - කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
දෙවැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් මස 21 වැනිදා - කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
තෙවැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් මස 22 වැනිදා - කොළඹ සී.සී.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
සිවුවැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් මස 24 වැනිදා - කොළඹ සී.සී.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
පස්වැනි විස්සයි20 තරගය - සැප්තැම්බර් මස 25 වැනිදා - කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 

-036


අදහස් (0)

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.