Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ක්‍රීඩිකාවෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති
ඉන්දු - ලංකා කාන්තා එක්දින තරගාවලිය

ඉන්දීය ක්‍රීඩිකාවෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති

editorial - 2022 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 39 ක ජයක් ලැබූ ඉන්දීය කාන්තා කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය. තෙවැනි තරගයේ මෙන්ම සමස්ත තරගාවලියේද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෝර් සම්මාන දිනාගත්තාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 256 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 47.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 216 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ රාජේෂ්වරී ගයික්වාද් ලකුණු 36 කට කඩුලු 3 ක් බිඳහෙළූ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් මේඝ්නා සිං සහ පූජා වස්ත්‍රකාර් කඩුලු 2 බැගින් දවාගත්හ.

දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නිලක්ෂි ද සිල්වා පන්දු 59 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 48 ක් රැස්කළාය. කෙසේ වුවත් සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඇයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය. මෙම තරගාවලිය පුරා ලකුණු අතර සිටි නිලක්ෂි, පළමු සහ දෙවැනි තරගවලදීද පිළිවෙලින් ලකුණු 43 ක් සහ 32 ක් බැගින් ලබාගත්තාය.

මුලු ලකුණු සංඛ්‍යාව 7 ක්ව තිබියදී පළමු කඩුල්ල බිඳවැටුණද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 56 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ නායිකා චමරි අතපත්තු (44) සහ හසිනි පෙරේරා (39) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආහ. එහෙත් ඔවුන් දෙදෙනාගේ දැවීයෑම්වලන් පසුව ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම ආරම්භ විය.

පන්දු 41 කට මුහුණදුන් චමරි හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කළ අතර පන්දු 57 කදී වාර්තා වූ හසිනිගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. හර්ෂිතා මාධවී පන්දු 28 කදී හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද, සිය දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ රෂ්මි ද සිල්වා පන්දු 24 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 18 ක්ද රැස්කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 දැවී ලකුණු 255 ක් ලබා ගත්තේය. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ හර්මන්ප්‍රීත් ‍‍කෝර් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වෙමින් පන්දු 88 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 75 ක් රැස්කළාය.

ලකුණු 124 කට කඩුලු 6 ක් බිඳවැටී තිබියදී ජූජා වස්ත්‍රකාර් (නොදැවී 58) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 113 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හර්මන්ප්‍රීත් ‍සමත් වූවාය. ඉන්දීය ඉනිමේ 8 වැනි පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ජූජා පන්දු 65 කට මුහුණදෙමින් හයේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසුවාය.

ආරම්භක පිතිකාරිණී ශිෆාලි වෙර්මා පන්දු 50 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ රෂ්මි ද සිල්වාගේ පන්දුවක් හමු‍වේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. ශිෆාලි සමග එක්ව ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගූ යෂ්ටිකා භාතියා, පන්දු 38 කින් ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ඉනෝකා රණවීර, චමරි අතපත්තු සහ රෂ්මි ද සිල්වා කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.

ඉන්දීය කාන්තා පිල
ශිෆාලි වෙර්මා - ක.මු. කළා ප.රෂ්මි                49
ස්ම්‍රිති මන්ධනා - ඇ.අනුෂ්කා ප.කවීෂා              6
යෂ්ටිකා භාතියා - ඇ.අමා ප.ඉනෝකා            30
හර්ලීන් ඩියෝල් - ස්ට.අනුෂ්කා ප.රෂ්මි            1
දීප්ති ශර්මා - ඇ.හසිනි ප.ඕෂධී                         4
හර්මන්ප්‍රීත් කෝර් - ඇ.ඕෂධී ප.චමරි              75
රිචා ගෝෂ් - ඇ.චමරි ප.ඉනෝකා                     2
පූජා වස්ත්‍රකාර් - නොදැවී                               58
මේඝ්නා සිං - ප.චමරි                                       8
රේනුකා සිං - ප.අමා                                        2
රාජේෂ්වරී ගයික්වාද් - නොදැවී                        3
අතිරේක                                                       19
එකතුව ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී             255

කඩුලු වැටීම :
1-30(ස්ම්‍රිති), 2-89(යස්ටිකා), 3-92(ශිෆාලි), 4-94(හර්ලීන්), 5-118(දීප්ති), 6-124(රීචා), 7-221(හර්මන්ප්‍රීත්), 8-242(මේඝ්නා),  9-251(රේනුකා)

පන්දු යැවිම :
අමා කාංචනා 9-063-1, ඕෂදී රණසිංහ 9-0-42-1, කවීෂා දිල්හාරි 8-0-30-1, ඉ‍නෝකා රණවීර 10-0-22-2, රෂ්මි ද සිල්වා 6-0-53-2, චමරි අතපත්තු 8-0-45-2


ශ්‍රී ලංකා කාන්තා පිල

විෂ්මි ගුණරත්න - ඇ.ගයික්වාද් ප.මේඝ්නා        3
චමරි අතපත්තු - ඇ.පූජා ප.හර්මන්ප්‍රීත්            44
හසිනි පෙ‍රේරා - ප.ගයික්වාද්                         39
කවීෂා දිල්හාරි - ස්ට.යෂ්ටිකා ප.ගයික්වාද්       12
හර්ෂිතා මාධවී - ප.හර්ලීන්                             22
නිලක්ෂි ද සිල්වා - නොදැවී                            48
අනුෂ්කා සංජීවනී - ප.පූජා                                1
අමා කාංචනා - ස්ට.යෂ්ටිකා ප.ගයික්වාද්          2
ඕෂදී රණසිංහ - ඇ.යෂ්ටිකා ප.පූජා                   1
රෂ්මි ද සිල්වා - ප.මේඝ්නා                             18
ඉනෝකා රණවීර - ප.දීප්ති                            10
අතිරේක                                                       16
එකතුව ඕවර 47.3 කදී සියලු දෙනා දැවී        216

කඩුලු වැටීම :
1-07(විෂ්මි), 2-63(චමරි), 3-99(කවීෂා), 4-110(හසිනි), 5-146(හර්ෂිතා), 6-149(අනුෂ්කා), 7-152(අමා), 8-155(ඕෂධී), 9-183(රෂ්මි), 10-216(ඉනෝකා)

පන්දු යැවීම :
රේනුකා සිං 10-1-28-4, මේග්නා සිං 10-0-43-2, පූජා වස්ත්‍රකාර් 4-0-15-0, රාජේෂ්වරී ගයික්වාද් 10-2-24-0, දීප්ති ශර්මා  10-0-30-2, හර්ලීන් ඩියෝල්  3-0-13-0, හර්මන්ප්‍රීත් කෝර් 3-0-12-0

 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.