Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ක්‍රිකට් පිල දඩ කයි

ඉන්දීය ක්‍රිකට් පිල දඩ කයි

editorial - 2023 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී නියමිත වේලාව තුළ පන්දු යවා නිම කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කිරීමට තරග තීරක ක්‍රිස් බෝඞ් මහතා පියවර ගෙන ඇත. 

එම දඩයට අමතරව ඉන්දීය කණ්ඩායමට දඬුවම් ලකුණු 2 ක් ලබාදීමටද තරග තීරකවරයා කටයුතු කර ඇති අතර එය මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාවෙන් අඩුවනු ඇත. 

කෙසේ වුවත් සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය නායක රෝහිත් ශර්මා වරද පිළිගෙන ඇති බැවින් ඒ පිළිබඳව වැඩි දුර පරීක්ෂණයක් නොපැවැත්වෙන බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
 
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය දින 3 ක් ඇතුළත ඉන්දියාවට ඉනිමක පරාජයක් හිමිකර දෙමින් නිමාවට පත්වූ අතර එහිදී ලැබූ ජයත් සමග මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. 

-036 


අදහස් (0)

ඉන්දීය ක්‍රිකට් පිල දඩ කයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.