Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානුවෝ යළිත් හිස් ඔසවති
ඕල්ට් ට්‍රැෆර්ඩ් ටෙස්ට් තරගය

ඉන්දියානුවෝ යළිත් හිස් ඔසවති

editorial - 2025 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සම්පූර්ණයෙන්ම අඳුරු අහසක් යට, කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. එහෙත් මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදි අද (23 වැනිදා) ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේ පළමු දින දිවා ආහාරයට පෙර එකම කඩුල්ලක් හෝ දවාගැනීමට එංගලන්තය අපොහොසත් විය. 

දිවා ආහාරයෙන් පසුව කඩුලු 3 ක් දවාගත් එංගලන්ත පන්දු යවන්නෝ තේ පානය වන විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 3 ට 149 ක් ලෙසින් වෙනස් කළත්, තේ පානයෙන් පසුව නැවතත් සාර්ථක වූ ඉන්දියානුවෝ දිනය අවසන් වන විට කඩුලු 4 කට 264 ක් දක්වා ලකුණු පුවරුව වෙනස් කළහ. 

රිෂාබ් පාන්ට් ලකුණු 37 ක් ලබා සිටියදී තුවාල ලබා පිටියෙන් ඉවත් වූවද, රවීන්ද්‍ර ජදේජා (නොදැවී 19) සහ ශර්දුල් ඨාකූර් (නොදැවී 19) ඉන්දීය පිල ඉදිරියට ගෙන ගියහ. 

දිවා ආහාරය වන විට ඉන්දීය නායක ෂුබ්මන් ගිල් සිතමින් සිටියේ කාසියේ වාසිය අහිමිවීම වඩාත් යහපත් බවයි. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම අන්තර්ජාතික තරගයකදී පිට පිටම කාසියේ වාසිය අහිමි කරගත් 14 වැනි අවස්ථාව මෙයයි. 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් අවසන් වරට අන්තර්ජාතික තරගයකදී කාසියේ වාසිය දිනාගත්තේ 2025 ජනවාරි මාසයේදී එංගලන්තයට එරෙහිව රාජ්කොට් නුවරදී පැවැති විස්සයි-20 තරගයකදීය. එහෙත් එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ටෙස්ට් තරගාවලියේදී පිට පිටම සිව්වැනි වතාවටත් කාසියේ වාසිය දිනාගත්තේය. 

එංගලන්ත වේග පන්දු යවන්නන් වන ක්‍රිස් වෝක්ස්, ජොෆ්රා ආචර්, බ්‍රයිඩන් කාර්ස් මෙන්ම නායක බෙන් ස්ටෝක්ස් ද දිගින් දිගටම ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ පිති පරාජය කරමින් පන්දු යැවූ නමුත් කඩුල්ලක් දවාගැනීමේ වාසනාව ඔවුන් කිසිවකුට නොතිබිණ. 

මෙ අතරවාරයේදී ලෝකේෂ් රාහුල් මෙම සංචාරයේදී ලකුණු 400 කඩඉම පසුකර ගියේය. එංගලන්තයේදී ටෙස්ට් ලකුණු 1000 ක් පසුකළ පස්වැනි ඉන්දීය පිතිකරුවා ලෝකේෂ් රාහුල්ය. 

ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 4 ට 264 යි
(ලෝකේෂ් රාහුල් නොදැවී 46, යශස්වී ජයිස්වාල් 58, සායි සුදර්ශන් 61, ෂුබ්මන් ගිල් 12, රිෂාබ් පාන්ට් 37, රවීන්ද්‍ර ජදේජා නොදැවී 19, ශර්දුල් ඨාකූර් නොදැවී 19, බෙන් ස්ටෝක්ස් 47/2)

- 213


අදහස් (0)

ඉන්දියානුවෝ යළිත් හිස් ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.