Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම බලගතු පිතිකරු හමුදාව තමන් සතු යයි පෙන්වූ ඉන්දීය ක්‍රීඩිකාවෝ නවසීලන්තයේ හැමිල්ටන් නුවරදී අද (12 වැනිදා) පැවැති තරගයේදී කොදෙව් පිල ලකුණු 155 කින් පරාජය කළහ.
ස්ම්‍රිති මන්දනා (123) සහ හමන්ප්‍රීත් කෞර් (109) දෙදෙනා ලබාගත් ශතක වලින් සවිමත් වූ ඉන්දීය කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 317 ක් ලබාගත්තේය.
එහෙත් ඉන්දීය දඟ පන්දු යවන්නියන් හමුවේ අසරණ වූ කොදෙව් පිතිකාරිණියෝ ලකුණු 162 කට දැවී ගියහ.
මෙම ලකුණු සංඛ්‍යාව කාන්තා ලෝක කුසලාන තරගාවලියකදී ඉන්දීය කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද වේ. ශතක ලාභිනියන් වූ මන්දනා සහ කෞර් එක්ව ගොඩනැංවූ ලකුණු 184 ක සම්බන්ධතාවද ඉන්දීය වාර්තාවකි.
ස්ම්‍රිති මන්දනා, පන්දු 119 කින් ලකුණු 123 ක් ලබාගත්තාය. කෞර්ගේ ලකුණු 109 ට අවශ්‍ය වූයේ පන්දු 107 කි.
පසුගිය බ්‍රහස්පතින්දා නවසීලන්තය හමුවේ ලද පරාජයෙන් පසුව මන්දෝත්සාහීව සිටි ඉන්දීය ක්‍රීඩිකාවෝ අද ලබාගත් ජයග්‍රහණයෙන් පසුව ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දෙස නෙත් දල්වා බලා සිටිති. මෙය ඉන්දීය ක්‍රීඩිකාවන් කොදෙව් පිල හමුවේ පවත්වාගෙන එන ජයග්‍රාහී වාර්තාව 7-0 ක් ලෙසින් ඉදිරියට ගෙන යාමකි.
ඉන්දීය කාන්තාවෝ - ඕවර 50 කදී කඩුලු 8 ට 317 යි
(ස්ම්‍රිති මන්දනා 123, යෂිකා භාටියා 31, දීප්ති ෂර්මා 15, හර්මන්ප්‍රීත් කෞර් 109, පූජා වස්ත්‍රකාර් 10, අනීසා මොහොමඩ් 59/2)
බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ - ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 162 යි
(ඩිනෙන්ඩ්‍රා ඩොටින් 62, හේයිලි මැතිව්ස් 43, ෂර්මෙන් කැම්බෙල් 11, චේඩීන් නේෂන් 19, මේගනා සිං 27/2, ස්නේහ් රානා 22/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.