දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (1 වැනිදා) කේප් ටවුන්හි ගැරී කර්ස්ටන් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 139 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 430 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට නියමිත ඕවර 40 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 290 ක් පමණි.
රුවන් වසන්ත (60) සහ චන්දන දේශපි‍්‍රය (62) ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත් වුවද තරගය ජයගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල නියමිත ඕවර 40 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 429 ක් රැස්කළේය.
ඉන්දීය ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ අජේ කුමාර් ඉල්ලූරි හතරේ පහර 25 ක් සමගින් ලකුණු 158 ක් රැස්කිරීමට සමත්විය.
කෙටන්බායි පතෙල් (54) සහ දීපාක් (77) අර්ධ ශතක රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා අජේ කුමාර්ට මනා සහයක් දුන්හ.
ඉන්දියාව - ඕවර 40 කදී කඩුලූ 6 ක් දැවී 429
(ප‍්‍රකාශ ජයරාමයියා 47, කෙටන්බායි පතෙල් 54, අජේ කුමාර් ඉල්ලූරි 158, ඊශ්වර්බායි මුහුද්කර් 42, දීපක් 77, උපුල් සංජීව 60/2)
ශ්‍රී ලංකාව - ඕවර 40 කදී කඩුලූ 7 ක් දැවී 290
(රුවන් වසන්ත 60, සමන් කුමාර 22, චන්දන දේශපි‍්‍රය 62, චන්දන කුමාර 30)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.