Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව කඩුලූ 9 කට ලකුණු 290

ඉන්දියාව කඩුලූ 9 කට ලකුණු 290

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී අද (17 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය සඳහා කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 290 ක් ලබා සිටියේය.

හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ අජන්ක්‍යා රහනේ, හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 103 ක් රැස්කිරීමට සමත්විය.

බුවනේෂ්වර් කුමාර් (36) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රහනේ, මොහොමඞ් සාමි (11) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ ගැරී බැලන්ස් අතට උඩපන්දුවක් දෙමින් ඉන්දීය පිලේ පළමු කඩුල්ල ලෙස දැවීයන විට ශිකර් ධවාන් රැස්කරගෙන තිබුණේ ලකුණු 7 ක් පමණි.

ලකුණු 24 ක් ලබාසිටි මුරලි විජේ, ලියෑම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ ගැරී බැලන්ස් අතට උඩපන්දුවක් දෙමින් ඉන්දීය පිලේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

දිවා ආහාරයෙන් අනතුරුව බෙන් ස්ටෝර්ක්ස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා චෙතේෂ්වර් පුජාරා ලකුණු 28 කට දැවී ගිය අතර ලකුණු 25 ක් ලබා සිටි විරාත් කෝලි, ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකිමින් සිටි මැට් ප‍්‍රයර් අතර උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

නායක මහේන්ද්‍ර සිං දෝනිට රැස්කරගත හැකිවූයේ එක් ලකුණක් පමණි. ස්ටුවර්ට් බෝඞ්ගේ පන්දුවක් හමුවේ මැට් ප‍්‍රයර් අතර උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ඔහු පන්දු 17 කට මුහුණදී සිටියේය.

පිතිකරුවන් ලෙස සැලකිය හැකි කී‍්‍රඩකයන් සිව්දෙනකුම ලකුණු 10 කට අඩුවෙන් දැවීයෑම ඉන්දීය පිලට විශාල පාඩුවක් වූ අතර ඉන්දීය පිලේ ප‍්‍රබල පිතිකරුවන් සිව්දෙනුකම ලකුණු 55 කට දවාගත් ජේම්ස් ඇන්ඩර්සන් අද දිනයේදී එංගලන්ත පිලේ ප‍්‍රධානතම පන්දුයවන්නා බවට පත්විය.

කාසියේ වාසිය දිනූ එංගලන්ත පිලේ නායක ඇලෙස්ටෙයාර් කුක් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය පිලට ආරාධනා කළේය.

මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර පළමු ටෙස්ට් තරගයට සහභාගීවූ කන්ඩායම් දෙකම මෙම තරගයටද සහභාගී වෙති.

ඉන්දියාව පළමු ඉනිම - කඩුලූ 9 කට 290
(මුරලි විජේ 24, චෙතේෂ්වර් පුජාරා 28, විරාත් කෝලි 25, අජන්ක්‍යා රහනේ 103, බුවනේෂ්වර් කුමාර් 36, ජේම්ස් ඇන්ඩර්සන් 55/4, ස්ටුවර්ට් බෝඞ් 79/2)

 

-036

 


අදහස් (0)

ඉන්දියාව කඩුලූ 9 කට ලකුණු 290

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.