Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට මුක්කු ගැසීමෙන් පාකිස්තානයට වාසි

ඉන්දියාවට මුක්කු ගැසීමෙන් පාකිස්තානයට වාසි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරි වසර අට තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 5850 කට අධික මුදලක් ඉපයීමට බලාපොරොත්තු වන බව පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජාම් සෙති මහතා පවසයි.

එම වසර අට තුළදී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගාවලි හතරකදී පාකිස්තානය සත්කාරත්ව දැරීමට නියමිත අතර මෙම මුදල ඉපයීමේදී එම තරගාවලි හතරට ප‍්‍රධාන ස්ථානයක් හිමිව තිබේ. එම තරගාවලි හතරෙන් පමණක් ඩොලර් මිලියන 300 ක් ඉපයීමට පකිස්තානය සැළසුම් කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉදිරි වසර අට තුළදී තරගාවලි හයක් පැවැත්වීමට දෙරටේ ක‍්‍රිකට් බලධාරීන්  ඕස්ටේ‍්‍රලියාවේදී පසුගියදා පැවැති අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභාවේදී එකඟතාවයට එළඹ ඇති අතර ඉන්දියාව ඉන් තරගාවලි දෙකක සත්කාරත්වය දරයි.    

මෙම ඩොලර් මිලියන 450 න් ඩොලර් මිලියන 150 ක් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තරග වලින් ලැබෙනු ඇතැයි පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා පවසයි.

පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය වසර හත තුළදී වසරකට ඩොලර් මිලියන 10 බැගින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ලබාගෙන තිබේ.

”ඉන්දියාව සමග ක‍්‍රීඩා කිරීමෙන් වැඩිම ආදායම උපයන්න බලාපොරොත්තු වෙනවා. හැම දේම හොදට සිද්ධ වුණොත් අපිට ඩොලර් මිලියන 300 ක් උපයන්න පුළුවන්’’ යැයි පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජාම් සෙති මහතා පවසයි.

ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය යන රටවලට වැඩි බලතල පැවරෙන පරිදි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට උත්සාහ කිරීමේදී පාකිස්තානය ඊට විරුද්ධ විය. එහෙත් පසුව ඊට එක`ගතාව පළකිරීම නිසා පාකිස්තානය සමග වැඩි වැඩියෙන් කී‍්‍රඩා කිරීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය එකග විය.

පාකිස්තානු ක‍්‍රිකට් සභාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නව සංශෝධනයන්ට තමන් එකඟ නොවූයේ නම් වසර දෙකක් ඇතුළත පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය ද බංකොළොත් වීමට ඉඩ තිබූ බවයි.  

එම තරගාවලි හයේ පළමු තරගාවලිය 2015 දෙසැම්බර් මස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.

048


අදහස් (0)

ඉන්දියාවට මුක්කු ගැසීමෙන් පාකිස්තානයට වාසි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.