Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව දෙවැනි එක්දින තරගයත් ජයගනී

ඉන්දියාව දෙවැනි එක්දින තරගයත් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා පිල සමග පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දීය කාන්තා කි‍්‍රකට් පිල අද (21 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විතවූ එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජයගැනීමට ඉන්දීය කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

තරගය ජය ගැනීම සඳහා රැස්කළ යුතුව තිබූ ලකුණු 140 කඩුලූ 3 ක් පමණක් දැවී තිබියදී සම්පූර්ණ කිරීමට ඉන්දීය පිතිකාරිනියෝ සමත්වූ අතර එහිදී ඉන්දීය ආරම්භක පිතිකාරිනි ස්මි‍්‍රති මන්ධනා පන්දු 74 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළාය.

අනෙක් ආරම්භක පිතිකාරිනිවූ පූනම් රවුට් (38) සමග එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 74 ක් සම්බන්ධතාවක්ද ගොඩනැගූ මන්ධනා, තරගයේ ජය තම කණ්ඩායම වෙත නතු කරගැනීම සඳහා මනා අඩිතාලමක් දැමුවාය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට සියලූදෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 140 ක් පමණි. එහිදී යළිත් වරක් සාර්ථකවූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකාරිනී යශෝධා මෙන්ඩිස් පන්දු 29 කදී වේගවත් ලකුණු 56 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක්ද සමගිනි.

පෙර තරගයේදී ලකුණු 4 කට කඩුලූ 4 ක් දවාගමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කළ ගෞෆර් සුල්තානා, මෙම තරගයේදීද ලකුණු 15 කට කඩුලූ 4 ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිලට දැඩි පීඩනයක් එල්ල කළාය.

ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම -  ඕවර 47.1 කදී සියලූදෙනා දැවී 140
(යශෝධා මෙන්ඩිස් 56, චමරි පොල්ගම්පල 28, ගෞෆර් සුල්තානා 15/4, අමිතා ශර්මා 14/2)

ඉන්දීය කාන්තා කණ්ඩායම -  ඕවර 39.3 කදී කඩුලූ 3 කට 143
(පූනම් රවුට් 38, ස්මි‍්‍රති මන්ධනා 51, මිතිලි රාජ් 31, කරු ජේන් 19)

036


අදහස් (0)

ඉන්දියාව දෙවැනි එක්දින තරගයත් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.