ශ්‍රී ලංකා 19 න් පහළ පිල සහ ඉන්දියා 19 න් පහළ පිල අතර දඹුල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු යොවුන්් කි‍්‍රකට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ 25 වැනිදා සවස තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා 19 න් පහළ පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 235 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා පිලේ කවිඳු කුලසේකර (නොදැවී 76) සහ රමේෂ් මෙන්ඩිස් (නොදැවී 16) දිනය නිමාවන විට කඩුල්ලේ රැුදී සිටියහ.
මෙම තරගයේදී කවිඳු කුලසේකරට අමතරව අර්ධ ශතකයක් රැුස්කිරීමට සමත්වූ එකම ශ්‍රී ලාංකික කී‍්‍රඩකයා වන්නේ මිනෝද් භානුකයි. ඔහු හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 56 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා 19 න් පහළ පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 503 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන ලදි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරවූ චාමික කරුනාරත්න ලකුණු 94 කට කඩුලූ 4 දවාගැනීමට සමත්විය.
ඉන්දියා 19 න් පහළ පිල කඩුලූ 7 ක් දැවී 503
(සුභාම් කජූරියා 52, අඛීල් හර්වඞ්කර් 71, විජය සෝල් 173, සංජු සැම්සන් 89, ශි‍්‍රයාස් අයියර් 65, චාමික කරුණාරත්න 94/4)
ශ්‍රී ලංකා 19 න් පහළ පිල කඩුලූ 5 ක් දැවී 235
(හෂාන් දුමිඳු 42, කවිඳු කුලසේකර නොදැවී 76, මිනෝද් භානුක 56, සදීර සමරවික‍්‍රම 17, කුල්දීප් යාදව් 86/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.