Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (28 වැනිදා) නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 109 ක් ලබා ඉතා අසීරු තත්වයකට පත්ව සිටියේය.
ඒ අනුව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම තවත් කඩුලු 3 ක් අතැතිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 19 ක් ඉදිරියෙන් සිටියි. දෙවැනි දිනය නිමාවන විට අෆ්සර් සසායි ලකුණු 2 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. හෙට (29 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.
ඇෆ්ඝනිස්තාන දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජාවිඞ් අහමඞ් හතරේ පහර 11 ක් සමග ලකුණු 62 ක් රැස්කළ අතර ඊබ්‍රහීම් සද්රාන් (23) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත් විය.
කෙසේ වුවත් ඊබ්‍රහීම් සද්රාන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට රඛීම් කෝන්වෝල් සමත් වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර ඉන් අනතුරුව ඇෆ්ඝනිස්තාන ඉනිමේ කඩාවැටීම ආරම්භ විය. එහිදී කෝන්වෝල් සහ රොස්ටන් චේස් කඩුලු 3 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
පළමු දිනය වූ ඊයේ (27 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් ලබා ලකුණු 68 ක් ලබා සිටි කොදෙව් ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 209 ක් එක්කර ගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ශාමර් බෘක්ස් (111) ශතකයක් ලබාගත් අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් විය.
ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 187
(ඊබ්‍රහීම් සද්රාන් 17, ජාවිඞ් අහමඞ් 39, ඉසනුල්ලා ජානට් 24, අෆ්සර් සසායි 32, අමීර් හම්සා 34, යමීන් අහමඞ්සායි 18, රඛීම් කෝන්වෝල් 75/7, ජේසන් හෝල්ඩර් 22/2)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 277
(ජෝන් කැම්බල් 55, ශාමර් බෘක්ස් 111, ෂේන් ඩොව්රිච් 42, අමීර් අම්සා 74/5, රෂීඞ් ඛාන් 114/3, සාහිර් ඛාන් 53/2)
ඇෆ්ඝනිස්තාන දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 109
(ඊබ්‍රහීම් සද්රාන් 23, ජාවිඞ් අහමඞ් 62, නසිර් ජමාල් 15, රොස්ටන් චේස් 10/3, රඛීම් කෝන්වෝල් 41/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.