Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම 187 කට සීමාවෙයි

ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම 187 කට සීමාවෙයි

editorial - 2019 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වූ අද (27 වැනිදා) ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 187 කට සීමා කිරීමට රකීම් කෝන්වෝල් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෝන්වෝල් ලකුණු 75 කට කඩුලු 7 ක් දවාගනිමින් ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම සුනුවිසුණු කර දැමූ අතර නායක ජේසන් හෝල්ඩර් ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගනිමින් ඇෆ්ඝනිස්තාන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා කෝන්වෝල්ට අනගි සහායක් දුන්නේය.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ජාවිඞ් අහමඞ් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 39 ක් රැස්කළ අතර අමීර් හම්සා හතරේ පහර 5 ක් සමග ලකුණු 34 ක්ද, අෆ්සර් සසායි හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක්ද රැස්කරමින් ඇෆ්ඝනිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
 
පළමු දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 68 ක් ලබා ඇෆ්ඝනිස්තානයට වඩා ලකුණු 119 ක් පසුපසින් සිටියේය. ඒ වන විට ආරම්භක පිතිකරු ජෝන් කැම්බල් නොදැවී ලකුණු 30 ක්ද, ශාමර් බෘක්ස් නොදැවී ලකුණු 19 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.


ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 187
(ඊබ්‍රහීම් සද්රාන් 17, ජාවිඞ් අහමඞ් 39, ඉසනුල්ලා ජානට් 24, අෆ්සර් සසායි 32, අමීර් හම්සා 34, යමීන් අහමඞ්සායි 18, රඛීම් කෝන්වෝල් 75/7, ජේසන් හෝල්ඩර් 22/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 68  
(ජෝන් කැම්බල් නොදැවී 30, ශාමර් බෘක්ස් නොදැවී 19)


-036

 


අදහස් (0)

ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම 187 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.