Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇන්ඩි - මංජුල එමිරේස්ට් පිලට එක්වෙති

ඇන්ඩි - මංජුල එමිරේස්ට් පිලට එක්වෙති

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වන එක්සත් අරාබි එමීර් පිල නියෝජනය කීරීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ දෙදෙනෙක් සුදුසුකම් ලබා සිටිති. ඔවුන් දෙදෙනා වන්නේ ඇන්ඩි බෙරෙන්ජර් සහ මංජුල ගුරුගේය.

මේ දෙදෙනා දෙදෙනා අතරින් ඇන්ඩි බෙරෙන්ජර් තවමත් 23 වැනි වියේ පසුවන ලාබාළ කී‍්‍රඩකයකු වන අතර ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමත් නියෝජනය කළ කී‍්‍රඩකයෙකි. මේ වන විට එක්සත් අරාබි එමීර් පිල නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරග 4 කට සහභාගී වී ඇති බෙරෙන්ජර්, එහිදී අර්ධ ශතක 2 ක් සමගින් රැුස්කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 152 කි.

බෙරෙන්ජන් එම තරග 4 ම කී‍්‍රඩා කර ඇත්තේ ඇෆ්ගනිස්තානයට එරෙහිව වන අතර ඉන් පළමු තරගයේදී (සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයේදී) අර්ධ ශතකයක් ලබාගැනීමට ඔහු සමත් විය.  

වයස අවුරුදු 11 ක් වන විට ඩුබායිහි ශෙෂාද් අල්තාෆ් නම් පුහණුකරු යටතේ කි‍්‍රකට් කී‍්‍රඩාවට යොමුවන බෙරෙන්ජර්, ඩුබායිහි කී‍්‍රඩා සමාජයක වයස අවුරුදු 13 පහළ සහ 15 න් පහළ කණ්ඩායම් නියෝජනය කළේය.

පසුව ශ්‍රී ලංකාවට පැමිණි බෙරෙන්ජර්, බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට ඇතුළත්ව අධ්‍යපනය ලැබූ අතර වයස අවුරුදු 16 පටන් ශාන්ත පීතර විද්‍යාලයේ 19 න් පහළ (පළමු පෙළ) කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කිරීමටද අවස්ථාව උදා කරගත්තේය. ශාන්ත පීතර විදුහල සහ ශාන්ත ජෝෂප් විදුහල අතර 2007 වසරේ පැවැති ශාන්තුවරයන්ගේ සටන බෙරෙන්ජර්ගේ පළමු ‘මහා කි‍්‍රකට් තරගය’ වූ අතර එතැන් පටන් වසර 4 ක් ශාන්තුවරයන්ගේ සටනේදී ශාන්ත පීතර විදුහල් කණ්ඩායම නියෝජනය කිරීමට ඔහු සමත් විය.

වසර 32 කට පසුව, එනම් 2010 වසරේදී ශාන්තුවරයන්ගේ සටන ජයගැනීමට ශාන්ත පීතර විදුහල සමත් වූ අතර එය බෙරෙන්ජර් සහභාගී වූ අවසන් ශාන්තුවරයන්ගේ සටනද විය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට ඇතුළත් වූ ඔහු 2010 වසරේ නවසීලන්තයේදී පැවැති පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම  නියෝජනය කිරීමටද වරම් ලබාගත්තේය. සී. සී. සී. සහ එස්. එස්. සී. කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් වයස 23 න් පහළ තරගාවලිවලට සහභාගී වීමටද බෙරෙන්ජර්ට හැකිවිය.

මංජුල ගුරුගේ අම්බලන්ගොඩින් පැමිණි මේ වන විට 33 හැවිරිදි වියේ සිටින කි‍්‍රකට් කී‍්‍රඩකයෙකි. කලක් අම්බලන්ගොඩ සිංහ කී‍්‍රඩා සමාජය නියෝජනය කළ ගුරුගේ වමතින් වේග පන්දු යවන්නෙකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නියෝජනය කරමින් මේ දක්වා එක්දින අන්තර්ජාතික තරග 3 කදී කඩුලූ 5 ක් දවාගෙන ඇති ගුරුගේගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 40.20 කි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් විස්සයි:20 අන්තර්ජාතික තරග දෙකකට සහ පළමු පෙළ තරග කිහිපයකටත් කී‍්‍රඩා කර ඇති මංජුල ගුරුගේ වැළිකතරේ කණ්ඩායම බලාපොරොත්තු රඳවා ඇති කී‍්‍රඩකයෙකි.

පසුගිය වසරේ සැප්තැම්බර් 14 වැනිදා බටහිර  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව පර්ත් හිදී පැවැති තරගයේදී ලකුණු 30 කට කඩුලූ 6 ක් දවාගත් මංජුල ගුරුගේ බටහිර  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 245 කට සීමා කළ නමුත් එක්සත් අරාබි පිලට ලබාගත හැකිවූයේ ලකුණු 207 ක් පමණි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් 15 දෙනා හැරුණු විට මෙවර ලෝක කුසලාන තරග බිමට පිවිසෙන සෙසු ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනා වන්නේ මෙම කී‍්‍රඩකයන් දෙදෙනාය.


අදහස් (0)

ඇන්ඩි - මංජුල එමිරේස්ට් පිලට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.