Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇන්ජලෝගෙන් වේගවත් ශතකයක්
ලෙජන්ඩ්ස් කුසලාන

ඇන්ජලෝගෙන් වේගවත් ශතකයක්

editorial - 2024 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලොව පුරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ලෙජන්ඩ්ස් කුසලාන’ විස්සයි-20 තරගාවලිය ඊයේ (14 වැනිදා) පැවැති තරගයකදී දිල්ලි ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් සමග පන්දු 43 කින් වේගවත් ශතකයක් (නොදැවී 100) රැස්කිරීමට රාජස්ථාන් කිංග්ස් කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයෝ, ඇන්ජලෝගේ පිතිහරඹය හමුවේ ඕවර 13.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ලකුණු 23 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පීටර් ටේ්‍රගෝ (නොදැවී 42) සමග එක්ව ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඇන්ජලෝ සමත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙවිල්ස් කණ්ඩායම නියමිත ඕවර 15 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක සුරේෂ් රයිනා පන්දු 39 කින් ලකුණු 79 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. 

දිල්ලි ඩෙවිල්ස් පිල - ඕවර 15 කදී කඩුලු 6 කට 164 
(සුරේෂ් රයිනා 79, කැලම් ෆර්ගසන් 29, මන්ප්‍රීත් ගෝනි 27/3, පර්වින්දර් අවානා 43/2) 

රාජස්ථාන් කිංග්ස් පිල - ඕවර 13.4 කදී කඩුලු 3 කට 166  
(ඇන්ජලෝ පෙරේරා නොදැවී 100, පීටර් ටේ්‍රගෝ නොදැවී 42, ඉක්බාල් අබ්දුල්ලා 48/2) 

-036 


අදහස් (0)

ඇන්ජලෝගෙන් වේගවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.