Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇන්ජලෝ - මාලිංග තවදුරටත් නායකත්වයේ

ඇන්ජලෝ - මාලිංග තවදුරටත් නායකත්වයේ

ශනුක අරවින්ද - 2015 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් කණ්ඩායම්වල වර්තමාන නායක ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි20 පිලේ වර්තමාන නායක ලසිත් මාලිංග දෙදෙනාගේම නායකත්වය ලබන වසර දක්වා දීර්ඝ කිරීමට නව ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

 ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන කණ්ඩායම් තුනටම උප නායකයකු පත්කර නොතිබීම කැපී පෙනෙන සිද්ධියකි. උප නායකයකු පත්කර නොතිබීම පිළිබ`දව ‘ලංකාදීප’ කළ විමසුමකදී තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා පැවසුවේ උප නායකයා පසුව පත්කරන බවයි.

ඇන්ජලෝ ලබන වසරේ පැවැත්වෙන එංගලන්ත සංචාරය ද, ලසිත් මාලිංග ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය දක්වා නායකත්වයේ කටයුතු කිරීමට නියමිතය.

 


අදහස් (0)

ඇන්ජලෝ - මාලිංග තවදුරටත් නායකත්වයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.