Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු කුසලානට ශ්‍රී ලංකා විනිසුරුවන් දෙපලක්

ආසියානු කුසලානට ශ්‍රී ලංකා විනිසුරුවන් දෙපලක්

editorial - 2022 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මෙම මස 25 වැනිදා සිටි සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විනිසුරුවරුන් ලෙස රුචිර පල්ලියගුරුගේ සහ රවින්ද්‍ර විමලසිරි යන මහත්වරු දෙදෙනා සහභාගි වීමට නියමිතය.

මේ වන විට 54 වැනි වියේ පසුවන රුචිර පල්ලියගුරුගේ මහතා මේ දක්වා ටෙස්ට් තරග 18 ක පිටියේ විනිසුරු ලෙස අවස්ථා 9 කදීත්, රූපවාහිනී විනිසුරු ලෙස අවස්ථා 9 කදීත් කටයුතු කර ඇත. එක්දින ජාත්‍යන්තර තරග 115 කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 84 කදීත්, රූපවාහිනි විනිසුරු ලෙස අවස්ථා 31 කදීත් කටයුතු කර ඇති ඔහු, විස්සයි-20 ජාත්‍යන්තර තරග 55 කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 37 කදීත්, රූපවාහිනී විනිසුරු ලෙස අවස්ථා 18 කදීත් කටයුතු කර තිබේ.

පනස් දෙහැවිරි රවින්ද්‍ර විමලසිරි මහතා මේ දක්වා ටෙස්ට් තරග 4 කදී රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කර ඇත. එක්දින ජාත්‍යන්තර තරග 33 කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 24 කදීත්, රූපවාහිනී විනිසුරු ලෙස අවස්ථා 9 කදීත් කටයුතු කර ඇති ඔහු, විස්සයි-20 ජාත්‍යන්තර තරග 41 කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 31 කදීත්, රූපවාහිනි විනිසුරු ලෙස අවස්ථා 10 කදීත් සේවය ලබා දී ඇත.

-036


අදහස් (0)

ආසියානු කුසලානට ශ්‍රී ලංකා විනිසුරුවන් දෙපලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.