ආසියානු කි‍්‍රකට් තරගාවලිය පිළිබඳ සාකච්ඡ කිරීමේ අරමුණින් ආසියානු කි‍්‍රකට් සභාවේ විධායක කමිටු රැස්වීමක් ජනවාරි 4 වැනිදා කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබේ. බංගලාදේශයේ පවතින අස්ථාවර දේශපාලන තත්ත්වය හේතුවෙන් එම තරගාවලිය කල් දැමීමට බංග්ලාදේශ කි‍්‍රකට් බලධාරීන් යෝජනා කරන්නේ නම් එම තරගාවලිය ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානමින් සිටී.
මෙම තරගාවලියට ඉන්දියාව, පකිස්තානය, ශී‍්‍ර ලංකාව සහ බංගලාදේශය යන රටවල් සහභාගි වන අතර එය 2014 පෙබරවාරි මස 24 සිට මාර්තු 7 වන දා දක්වා බංගලාදේශයේදී පැවැත්වීමට නියමිතය.
පකිස්තානු පිලට එරෙහිව දැන් පැවැත්වෙන තරගාවලියෙන් පසු ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගාවලිය සඳහාද තමන් බංග්ලාදේශයේ තත්ත්වය පිළිබඳ විපරමින් පසුවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පසුගියදා ‘ඩෙලි මිරර්’ පුවත් පතට ප‍්‍රකාශ කර තිබිණ.
ආරක්‍ෂක හේතු මත තමන්ගේ කණ්ඩායම බංග්ලාදේශයට යවන්නේ නැතැයි පාකිස්තානු කි‍්‍රකට් බලධාරීන් ඊයේ ප‍්‍රකාශ කිරීම නිසා තත්ත්වය තවත් නරක අතට හැරී තිබේ.
1971 දී කෙරුණු යුද අපරාධ සම්බන්ධ නඩු විභාග කෙරෙමින් පවතින බැවින් පාකිස්තානු පිල බංග්ලාදේශයට යන්නේ නම් ඒ සඳහා විශේෂ ආරක්‍ෂක විධිවිධාන යෙදිය යුතු බව පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ වැඩබලන සභාපති නජාම් සෙති මහතා සාජා නුවරදී වාර්තාකරුවන්ට පැවසීය. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගාවලිය සඳහා නජාම් සෙති මහතා සාජා නුවර බලා ගොස් සිටී.
”අප අපගේ විදේශ කටයුතු කාර්යංශයට ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා. ඒ නිසා අපේ කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරියේදී වෙනස් තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්” යයිද සෙති මහතා පැවසීය.
බංග්ලාදේශයේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් දියත් කරනු ලබන මෙම විරෝධතා මේ වන විට රට පුරාම පැතිරී තිබේ. වත්මන් අගමැතිනි ෂීක් හසීනා මහත්මිය අගමැති තනතුරෙන් ඉවත්ව යා යුතුයයි කෙරෙන විරෝධතා නිසා මේ වන විටත් 70 කට ආසන්න පිරිසක් මියගොස් සිටිති.
මීට සති දෙකකට පෙර බටහිර ඉන්දීය කොදෙව් 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම බංග්ලාදේශයේ නැවතී සිටි හෝටලය ආසන්නයේදී බෝම්බයක් පිපිරී යාම නිසා බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් බලධාරීහුද තමන්ගේ කණ්ඩායම සියරට ගෙන්වා ගත්හ.
බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ආසියානු කුසලාන තරගාවලිය දින නියමයකින් තොරව කල්දැමීමට බංග්ලාදේශ කි‍්‍රකට් බලධාරීන් සූදානම් වන බවයි. එසේ වුවහොත් එම තරගාවලිය කල්දැමීමකින් තොරව, ශී‍්‍ර ලංකාවේදී පවත්වන ලෙස යෝජනා කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ජයන්ත ධර්මදාස මහතා සූදානමින් පසුවෙයි.
”අපි විශාල මුදල් කන්දරාවක් වියදම් කරලා අන්තර්ජාතික මට්ටටම් කී‍්‍රඩාංගණ හදලා තියෙනවා. ඕනෑම ආකාරයේ අන්තර්ජාතික තරගාවලියක් පවත්වන්නට අපි සූදානම්”
”ආසියානු කුසලාන වගේ වැදගත් තරගාවලියක් කල්දමන්න හෝ අවලංගු කිරීමට සිදුවුවහොත් ඒක අපරාදයක්” යයිද ධර්මදාස මහතා පැවසීය.
මේ අතර තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන් සහ කී‍්‍රඩාංගණ තරගාවලියේ රූපවාහිනී අයිතිවාසිකම් හිමි නිම්බස් සමාගමෙන්ද අනුමත විය යුතුය. නිම්බස් සමාගම බංකොලොත් වී ඇතැයි කියමින් තරගාවලිය සම්බන්ධයෙන් මීට පෙරද විවිධ සැක සංකා මතුවී තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.