Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු කුසලානයට 19 න් පහළ සංචිතය නම් කරයි

ආසියානු කුසලානයට 19 න් පහළ සංචිතය නම් කරයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 27 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනි බංග්ලාදේශයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජයට හිමිව තිබේ.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනෙකුගේ සංචිතයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ අනුමැතිය හිමිව තිබේ.

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන පස්වැනි අවසන්ථාව මෙය වන අතර මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබා ඇති ඉහළම ජයග්‍රහණය වන්නේ 2016 වසරේ පැවැති තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමයි.

මෙතෙක් පැවැති අවස්ථා 4 න් 2 කදී ශූරයන් බවට පත්වූ ඉන්දියාව, තවත් අවස්ථාවක පාකිස්තානය සමග සම ශූරයන් බවටද පත් විය. අවසන් වරට එනම් ඉකුත් වසරේදී (2017) පැවැති තරගාවලියේ ශූරයන් බවට පත් වූයේ ඇෆ්ගනිස්තානයයි.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය
නිපුන් ධනංජය (වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල) - නායක, පසිඳු සූරියබණ්ඩාර (කොළඹ රාජකීය විදුහල), නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විදුහල), කමිල් මිෂාර (පානදුර මහානාම විදුහල), නිෂාන් මධුෂ්ක (මොරටු විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), දුනිත් වෙල්ලාලගේ (ශාන්ත ජොෂප් විදුහල), ශෂික දුල්ෂාන් (මාතර ශාන්ත සර්වේෂස් විදුහල), කල්හාර සේනාරත්න (කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල), රොෂාන් සංජය (කළුතර තිස්ස විදුහල), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩි විදුහල), කළණ පෙරේරා (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල), නිපුන් මාලිංග (ගාල්ල මහින්ද විදුහල), නවීන් ප්‍රනාන්දු (මීගමුව මාරිස්ටෙලා විදුහල) සහ සෙල්වරාසා මතුෂාන් (යාපනය මැදි විදුහල)

අතිරේක
ලක්ෂිත මදුරසිංහ (කොළඹ රාජකීය විදුහල), මුදිත ලක්ෂාන් (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල), විජයකාන්ත වියස්කාන්ත් (යාපනය මැදි විදුහල), චිලාන් කලිඳු (මාතර ශාන්ත සර්වේෂස් විදුහල) සහ චාමික ගුණසේරක (කොළඹ ආනන්ද විදුහල)


- 036

 


අදහස් (0)

ආසියානු කුසලානයට 19 න් පහළ සංචිතය නම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.