අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව ශාන්ත මේරි විදුහල සහ කොළඹ ආරක්ෂක සේවා විදුහල අතර වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ආරක්ෂක සේවා විදුහල සමත් විය.
එහිදී ශාන්ත මේරි විදුහල වෙනුවෙන් තිමිර මිහිරාන් (50) ද, ආරක්ෂක සේවා විදුහල වෙනුවෙන් රොනෙත් සමරනායක (51) ද අර්ධ ශතක ලබාගත් අතර ශාන්ත මේරි විදුහලේ කෞෂාල් විජේරත්න ලකුණු 52 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ශාන්ත මේරි විදුහල - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 159
(තිමිර මිහිරාන් 50, අමිල ඉෂාර 48, කෞෂාල් විජේරත්න 20, උවිඳු අංජන 72/4, හසිත නවාංජන 31/3)
ආරක්ෂක සේවා විදුහල - ඕවර 44.2 කදී කඩුලු 5 ක් දැවී 160
(රොනෙත් සමරනායක 51, චතුම් කවිසිත් නොදැවී 46, හසිත නවාංජන 29, කෞෂාල් විජේරත්න 52/5)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.