Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්දයට ලාෆ් සවිය

ආනන්දයට ලාෆ් සවිය

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහලේ 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායමට මේ වසරේදී (2016) අනුග‍්‍රහය දැක්වීමට ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගම ඉදිරිපත්වී සිටියි. ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගම, ආනන්ද විදුහල් 19 න් පහළ කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටින පිට පිටම තෙවැනි වසරද මෙය වේ.

ඉකුත් වසරේදී පාසල් කි‍්‍රකට් පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ආනන්ද විදුහල් කී‍්‍රඩකයෝ අන්තර් පාසල් ලීග් තරගාවලියේ තෙවැනි ස්ථානයත්, සීමිත  ඕවර තරගාවලියේ දෙවැනි ස්ථානයත් හිමි කරගැනීමට සමත් වූහ.

ඊට අමතරව මුරලි සාම කුසලාන තරගාවලියේ ශූරතාව (2015) දිනාගැනීමටද ආනන්ද විදුහල් 19 න් පහළ කණ්ඩායම සමත් විය. ආනන්ද විදුහලේ දිලංක සඳකැන් එම වසරේ සමස්ත ලංකා කාණ්ඩයේ දක්ෂතම පන්දු යවන්නා බවටද පත් විය.

ආනන්ද විදුහලේ ශම්මු අශාන්, නිසල් ප‍්‍රැන්සිස්කෝ සහ කවිෂ්ක අංජුල යන කී‍්‍රඩකයෝ ඉකුත් වසරේ වයස 19 න් පහළ ජාතික කණඩායම නියෝජනය කළ අතර ශම්මු අශාන් ජාතික 19 න් පහළ කණ්ඩායමේ උප නායකත්වටද පත් විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 


(වමේ සිට දකුණට) ගිහාන් කරුණාරත්න (ආනන්ද විදුහල් කි‍්‍රකට් සංගමයේ සභාපති), ජයන්ත වික‍්‍රමසිංහ (ආනන්ද විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති), කිත්සිරි ලියනගමගේ (ආනන්ද විදුහල් විදුහල්පති), තිලක් ද සිල්වා (ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ), ලාල් හේවගේ (ආදි ආනන්දියන්ගේ කී‍්‍රඩා සමාජයේ සභාපති), සරත් ගුණතිලක (ආනන්ද විදුහල් උප විදුහල්පති)

 


- 036

 


අදහස් (0)

ආනන්දයට ලාෆ් සවිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.