Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 26 ක ජයක් ලබාගැනීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය ඊයේ (03 වැනිදා) සමත්විය. මෙම තරගය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ඉසුරු අවින්ද අර්ධ ශතකයක් (නොදැවී 50) සහ ඉනිම දෙකෙහිදී ලකුණු 54 කට කඩුලු 8 ක් දවාගැනීමට සමත්විය.
වාද්දුව මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 36.1 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(ලක්මාල් කුරේ 20, ඉසුරු අවින්ද 16/5, රවිඳු රංදික 13/2, සඳරු චන්දික 22/2)
ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 320
(සඳරු චන්දික 80, බිම්සර අවිනාෂ් 58, තරූෂ නිම්සර 55, ඉසුරු අවින්ද නොදැවී 50, පැතුම් පෙරේරා 33/2)
වාද්දුව මැදි විදුහල - දෙවැනි ඉනිම - ඕවර 74.5 කදී සියලුදෙනා දැවී ලකුණු 199
(නිෂාන්ත පෙරේරා 91, අක්ෂන සිල්වා 30, තුරුවන් පෙරේරා 22, බිම්සර අවිනාශ් 74/4, ඉසුරු අවින්ද 38/3, චමිඳු සත්මිණ 47/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.