කොළඹ ආනන්ද විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර ආනන්ද මාවතේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 69 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය ශාන්ත බෙනඩික් විදුහලට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 93 ක් පමණි.
දිලංක සඳකැන් ලකුණු 41 කට කඩුලූ 8 ක්ද, සම්මු අශාන් ලකුණු 96 කට කඩුලූ 7 ක්ද දවාලමින් ශාන්ත බෙනඩික් විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූහ.
සහන් ආරච්චිගේ (73) සහ සම්මු අශාන් (65) ආනන්ද විදුහල් පළමු ඉනිමේදී අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
ආනන්ද විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 289
(සහන් ආරච්චිගේ 73, සම්මු අශාන් 65, නිසල් ෆ‍්‍රැන්සිස්කෝ 52, නවෝද අබේසිංහ 32/2, තුලින දිල්ෂාන් 59/2)
ශාන්ත බෙනඩික් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 127
(ගීතික ජයතිලක නොදැවී 33, රුවින්ද නිවුන්හැල්ල 36, සම්මු අශාන් 53/4, නිපුන් චාමික 20/2, දිලංක සඳකැන් 17/2)
ශාන්ත බෙනඩික් විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 93
(ජනිදු කරුණාතිලක 46, දිලංක සඳකැන් 24/6, සම්මු අශාන් 43/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.