Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විදුහල අවසන් තරගයට

ආනන්ද විදුහල අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසාලන විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ අද (1 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඉකුත් වසරේ ශූරයන් වූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ලකුණු 27 කින් පරාජය කළ කොළඹ ආනන්දු විදුහල තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විදුහලට  ඕවර 17 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 107 ක් පමණි.

කවිෂ්ක අංජුල සහ කසුන් පෙරේරා කඩුලූ 3 බැගින් දවාගනිමින් ශාන්ත පීතර ඉනිම සුනුවිසුණු කර දැමූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්දු විදුහල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 134 ක් ලබාගත්තේය. එහිදී සමු අශාන් ලකුණු 42 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 33 කදී වාර්තා වූ ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

 


ආනන්දු විදුහල -  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 134
(නිසල් ෆ‍්‍රැන්සිස්කෝ 28, සමු අශාන් 42, කවිෂ්ක අංජුල 14, තනීෂ වීරකෝන් 26/2)

ශාන්ත පීතර විදුහල -  ඕවර 17 කදී සියලූ දෙනා දැවී 107
(චන්දුල ජයමාන්න 19, සචින් දල්පදාදු 21, විනූ මොහොට්ටි 17, කවිෂ්ක අංජුල 15/3, කසුන් පෙරේරා 23/2)

 

තරගයේ විශේෂ අවස්ථා...
-  036


අදහස් (0)

ආනන්ද විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.