අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ පුත්තලම ආනන්ද ජාතික පාසල සහ අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසල අතර පුත්තලමේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ආනන්ද ජාතික පාසල සමත් විය.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිතර වූ ආනන්ද ජාතික පාසලේ ස්ටීවන් රුවින්ත ලකුණු 142 ක් රැස්කළ අතර එම විදුහලේම ඉමිඳු නිෂාද ලකුණු 26 කට කඩුලු 7 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ විමුක්ති සඳරුවන් ලකුණු 56 ක් රැස්කරමින් ලකුණු 36 කට කඩුලු 3 ක්ද දවාගත්තේය.
ආනන්ද ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 67 කදී කඩුලු 7 ක් දැවී 265
(ස්ටීවන් රුවින්ත 142, විමුක්ති සඳරුවන් 56, සිතිජ ප්‍රසාද් 58/2)
ශ්‍රී රාහුල ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 27 කදී සියලු දෙනා දැවී 87
(පසිඳු හේෂාන් 45, ඉමිඳු නිෂාද 26/7, විමුක්ති සඳරුවන් 36/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.