Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අහන්ගේ ශතකයෙන් මහනුවර ඉදිරියට
ජාතික සුපිරි ලීගය

අහන්ගේ ශතකයෙන් මහනුවර ඉදිරියට

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි මහනුවර කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 348 ක් ලබා සිටියේය. 

ඒ අනුව මහනුවර කණ්ඩායම තවත් කඩුලු 3 ක් අතැතිව යාපනය කණ්ඩායමට වඩා ලකුණු 87 ක් ඉදිරියෙන් සිටි අතර දෙවැනි දිනය අවසානයේ අහන් වික්‍රමසිංහ හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 147 ක්ද, අෂීන් ඩැනියෙල් නොදැවී ලකුණු 18 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඔවුන් දෙදෙනා එක්ව මහනුවර කණ්ඩායමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 64 කි. 

ලකුණු 57 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී කමිල් මිෂාර (38) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අහන්, ඉන් නොනැවතී චාමික කරුණාරත්න (71) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සමබන්ධතාවක්ද ගොඩනගමින් මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

පළමු දිනය වූ පෙරේදා (21 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 57 ක් ලබා සිටි මහනුවර ක්‍රීඩකයෝ ඊයේ සිය පළමු ඉනිමට තවත් ලකුණු 291 ක් එක්කර ගත්තේ කඩුලු 4 අහිමිකර ගනිමිනි. එහිදී ළහිරු මධුෂංක සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ. චාමිකගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය. 


යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 261 
(සඳුන් වීරක්කොඩි 33, රොන් චන්ද්‍රගුප්ත 34, නිපුන් කරුණානායක 26, ජනිත් ලියනගේ 83, සන්තුෂ් ගුණතිලක 29, රවිඳු ප්‍රනාන්දු 19, නිම්සර අතරගල්ල 40/3, වනුජ සහන් 40/3) 

මහනුවර පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 348 
(කමිල් මිෂාර 38, නිරෝෂන් දික්වැල්ල 26, අහන් වික්‍රමසිංහ නොදැවී 147, චාමික කරුණාරත්න 71, වනුජ සහන් 20, අෂීන් ඩැනියෙල් නොදැවී 18, ළහිරු මධුෂංක 51/2, රවිඳු ප්‍රනාන්දු 73/2) 

 

ජනිත් ලියනගේ...

 

රවිඳු ප්‍රනාන්දු...

 

නිම්සර අතරගල්ල...

 

වනුජ සහන් කඩුල්ලක් ලබා...

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

අහන්ගේ ශතකයෙන් මහනුවර ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.