අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අකුරණ අසාර් විදුහල සහ කුරුණෑගල වයඹ රාජකීය විදුහල අතර අසාර් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 17 ක ජයක් වාර්තා කිරීමට අසාර් විදුහල සමත් විය.
එහිදී මොහොමඞ් ශකීර් ලකුණු 32 කට කඩුලු 7 ක්ද, මොහොමඞ් යූසෆ් ලකුණු 21 කට කඩුලු 5 ක්ද දවාගනිමින් අසාර් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
අසාර් විදුහල් පළමු ඉනිම - ඕවර 66.5 කදී සියලු දෙනා දැවී 281
(මොහොමඞ් අක්‍රම් 82, මොහෙමඞ් ශහිම් 68, මොහොමඞ් අයියාස් 35, පහන් බණ්ඩාර 76/5, පැතුම් අදිකාරිනායක 36/2, සිතාර දේෂාන් 36/2)
වයඹ රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 31 කදී සියලු දෙනා දැවී 99
(චමිඳු අදිකාරි 23, මොහොමඞ් යූසෆ් 21/5, මොහොමඞ් ශකීර් 07/2, මොහොමඞ් ජාසිල් 17/2)
වයඹ රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 55.2 කදී සියලු දෙනා දැවී 165
(කවිෂ්ක විජේරත්න නොදැවී 54, හසංක ජයවර්ධන 34, චමිදු අදිකාරි 26, මොහොමඞ් ශකීර් 25/5, මොහොමඞ් ජාසිල් 58/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.