Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සන්ඬේ ටයිම්ස් - බාටා වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයත් ජාතික කණ්ඩායමත් අතර ඇත්තේ නොබිඳුනු සම්බන්ධතාවකි. ඒ කෙසේද යත් සන්ඬේ ටයිම්ස් - බාටා වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානය දිනාගන්නා සෑම කී‍්‍රඩකයකුම සිය කි‍්‍රකට් දිවිය අවසන් කරන්නේ අන්තර්ජාතික තරග බිමේ ජය කෙහෙළි නැංවූ, ජගත් කි‍්‍රකට් පිටියේ සම්භාවනාවට පාත‍්‍ර වූ කී‍්‍රඩකයකු ලෙසිනි.
එවන් මහානර්ඝ සම්මානයක් වන වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානය දෙවරක්ම දිනාගත හැකි නම් ඒ කී‍්‍රඩකයා පිළිබඳ අටුවා ටීකා කුමට? එම සම්මානය දෙවරක් දිනාගත් පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන් වූ අර්ජුන රණතුංග, රොෂාන් මහානාම සහ තිලාන් සමරවීර ඒ වෙනුවෙන් අපමණ උදාහරණ ගෙනහැර දෙති.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගිය සිකුරාදා පැවැති 37 වැනි ‘බාටා - සන්ඬේ ටයිම්ස්’ සම්මාන උළෙලේදී වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත් චරිත් අසලංක, ගාල්ල රිච්මන්ඞ් විදුහලේ කි‍්‍රකට් නායකයා පමණක් නොව, ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමේත් නායකයාය. අසලංක මෙම සම්මානය දෙවතාවක් දිනාගත් කී‍්‍රඩකයන් අතර සිවුවැන්නාද වෙයි.
මෙවර සන්ඬේ ටයිම්ස් - බාටා සම්මාන උළෙලට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ හිටපු තරග තීරකවරයක-ු මෙන්ම හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයක-ද වන රොෂාන් මහානාම මහතා විසින් අසලංකට එම සම්මානය ප‍්‍රදානය කරන ලදි.
වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයට අමතරව වසරේ දක්ෂතම පිතිකරුවා සම්මානයටද හිමිකම් චරිත් අසලංක සමත් වූ අතර ගාල්ල රිච්මන්ඞ් විදුහල් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ නායකත්වය දරමින් ඔහු දැක්වූ දක්ෂතා ඊට හේතු විය.
සැබවින්ම තරගය තිබුණේ අසලංක සහ කොළඹ ආනන්ද විදුහලේ සම්මු අශාන් දෙදෙනා අතරය. වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර දෙවැනි ස්ථානය හෙවත් අනුශූරතාව හිමිකරගත් සම්මු අශාන් වසරේ දක්ෂතම පිතිකරු අනුශූරතාවද අත්කරගත්තේය.
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලේ අසිත මධුසංක, වසරේ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත් අතර ගාල්ල රිච්මන්ඞ් විදුහලේ වනිඳු හසරංග වසරේ දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන දිනාගත්තේය. මේ දෙදෙනාම ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල නියෝජනය කළහ. දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයාට හිමි සම්මානය තමන් සතුකර ගැනීමට කොළඹ ඉසිපතන විදුහලේ ප‍්‍රමෝද් මධුවන්ත සමත් විය.
වසරේ දක්ෂතම කණ්ඩායමට හිමිවන සම්මානය තමන් සතුකර ගැනීමට මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය සමත්වෙද්දී, එම කණ්ඩායම මෙහෙයවූ රවීන් සේයර් වසරේ දක්ෂතම නායකයා ලෙස සම්මාන දිනාගත්තේය.
කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලේ රසිත් උපමාල්, නැගී එන පාසල් කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලැබීය.
වසරේ නැගීඑන කණ්ඩායම ලෙස කෑගල්ල ශාන්ත මේරි විදුහල සම්මාන දිනාගන්දදී වසරේ දස්කම් දක්වමින් ඉදිරියට එන ලෙස සම්මාන දිනාගත්තේ මීගමුව ශාන්ත පීතර විදුහලයි.
‘සන්ඬේ ටයිම්ස්’, ‘ඬේලි මිරර්’ සහ ‘ලංකාදීප’ පුවත්පත් වල පළවූ කුපන් පත් මගින් තෝරාගන්නා ලද වසරේ ජනප‍්‍රියම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස පානදුර රාජකීය විදුහලේ පවන් ඩයස් සම්මාන දිනාගත්තේය. මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු එහි නැගීඑන පාසල් කාණ්ඩයේ ශූරතාව දිනාගත්තේය.
මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය සඳහා එහි ප‍්‍රධාන අනුග‍්‍රාහකයන් වන විජය පුවත්පත් සමාගමේ සහ බාටා සමාගමේ උසස් නිලධාරීන් රැුසක් මෙන්ම කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයවීර මහතාත්, ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ නිලධාරීහු මෙන්ම ආරාධිතයෝ රැුසක් සහභාගි වූහ.
සමස්ත ලංකා පාසල් කාණ්ඩය
වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව - චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඞ් විදුහල)
අනුශූරතාව - සම්මු අශාන් (කොළඹ ආනන්ද විදුහල)
දක්ෂතම පිතිකරු
ශූරතාව - චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඞ් විදුහල)
අනුශූරතාව - සම්මු අශාන් (කොළඹ ආනන්ද විදුහල)
දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - අසිත මධුසංක (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල)
අනුශූරතාව - අවිෂ්ක තුලාංජන (වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල)
දක්ෂතම පන්දු රකින්නා
ශූරතාව - වනිඳු හසරංග (ගාල්ල රිච්මන්ඞ් විදුහල)
අනුශූරතාව - අසිත ගිහාන් (වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල)
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා
ශූරතාව - ප‍්‍රමෝද් මධුවන්ත (කොළඹ ඉසිපතන විදුහල)
අනුශූරතාව - ආකාෂ් සේනාරත්න (කඳාන ද මැසිනොද් විදුහල)
දක්‍ෂතම නායකයා
ශූරතාව - රවීන් සේයර් (මහනුවර ති‍්‍රත්ව විදුහල)
දක්‍ෂතම කණ්ඩායම
ශූරතාව - මහනුවර ති‍්‍රත්ව විදුහල
අනුශූරතාව - කොළඹ තර්ස්ටන් විදුහල
ජනප‍්‍රියම කී‍්‍රඩකයා
ශූරතාව - පවන් ඩයස් (පානදුර රාජකීය විදුහල)
අනුශූරතාව - යොහාන් මෙන්ඩිස් (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)
නැගී එන පාසල් කාණ්ඩය
වසරේ නැගී එන පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව - රසිත් උපමාල් (කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල)
දක්ෂතම පිතිකරු
ශූරතාව - රසිත් උපමාල් (කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල)
අනුශූරතාව - ජෙනී ෆ්ලෙමින් (යාපනය ශාන්ත ජෝන් විදුහල)
දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - දිලූම් තිලකරත්න (කරන්දෙණිය මැදි විදුහල)
අනුශූරතාව - ලසිත් උඩගේ (කෑගල්ල ශාන්ත මේරි විදුහල)
දක්ෂතම පන්දු රකින්නා
ශූරතාව - කවිඳු සොහාන් (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල)
අනුශූරතාව - නිමේෂ් ධනංජය (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල)
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා
ශූරතාව - රවීන් යසස් (රත්ගම දේවපතිරාජ විදුහල)
අනුශූරතාව - දිලූම් තිලකරත්න (කරන්දෙණිය මැදි විදුහල)
ජනප‍්‍රියම කී‍්‍රඩකයා
ශූරතාව - මාධව ප‍්‍රනාන්දු (මෝදර ද ලාසාල් විදුහල)
අනුශූරතාව - දිල්ෂාන් මධුසංක (පාදුක්ක සිරි පියරතන විදුහල)
දක්‍ෂතම නැගී එන කණ්ඩායම
ශූරතාව - කෑගල්ල ශාන්ත මේරි විදුහල
දස්කම් දක්වමින් ඉදිරියට එන කණ්ඩායම
ශූරතාව - මීගමුව ශාන්ත පීතර විදුහල
දක්‍ෂතම කණ්ඩායම්
උතුරු මැද පළාත් ශූරතාව - අනුරාධපුර මැදි විදුහල
දකුණු පළාත් ශූරතාව - අම්බන්ගොඩ දේවානන්ද විදුහල
මධ්‍යම පළාත් ශූරතාව - කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල
වයඹ පළාත් ශූරතාව - කුරුණෑගල ශාන්ත ආනා විදුහල
උතුරු පළාත් ශූරතාව - යාපනය ශාන්ත ජෝන් විදුහල
සබරගමු පළාත් ශූරතාව - කෑගල්ල ශාන්ත මේරි විදුහල
බස්නාහිර පළාත් ශූරතාව - කොළඹ වෙස්ලි විදුහල
සම්මු අෂාන්, රොෂාන් මාහානාම මහතා අතින් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා අනුශූරතා සම්මානය ලබාගත් අයුරු...
ප‍්‍රමෝද් මධුවන්ත වසරේ දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා ලෙස සුනිල් ජයවීර, කි‍්‍රෂාන්ත කළුආරච්චි සහ කුමාර ගමගේ යන මහත්වරුන් අතින් සම්මාන ලබාගත් අයුරු...
ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායක රවීන් සේයර් වසරේ දක්ෂතම නායකයා ලෙස බාටා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අමිතව් නැන්ඩි මහතා සහ එම සමාගමේ පිරිවැය සහ කාර්යක්ෂමතා කලමණාකාරිණි ගයනි රාජපක්ෂ මහත්මිය අතින් සම්මාන ලබාගත් අයුරු...
ඡායාරූප - අමිල ගමගේ, අනුරාධ බණ්ඩාර සහ රංජිත් පෙරේරා
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.