Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසිත වන්නිනායකගෙන් ශතකයක්

අසිත වන්නිනායකගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ Iකොටසේ මහනුවර ශාන්ත අන්තෝනී විදුහල සහ කෑගල්ල ශාන්ත මේරී විදුහල අතර තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (23 වැනිදා) අවසන්විය. මෙම තරගය ශාන්ත අන්තෝනී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් (නොදැවී 104) ලබාගත් අසිත වන්නිනායක පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.


ශා. අන්තෝනී විදුහල - පළමු ඉනිම - ඕවර 48 කදී කඩුලු 6 ක් දැවී 249
(අසිත වන්නිනායක නොදැවී 104, චමිදු වික්‍රමසිංහ 35, චන්දිමාල් හේරත් 28, ටෙශාන් සිරිවර්ධන නොදැවී 22, ප්‍රවීන් ලියනගේ 23/2, සම්පත් තිලකරත්න 34/2)

ශා. මේරී විදුහල - පළමු ඉනිම - ඕවර 40.4 කදී කඩුලු 8 ක් දැවී 87
(යොහාන් වීරසේකර 33, අසිත වන්නිනායක 12/4, නිම්නක ජයතිලක 39/2)

 


අදහස් (0)

අසිත වන්නිනායකගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.