Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අෂාන්ගේ ශතකයෙන් කොළඹට සාර්ථක ආරම්භයක්
ජාතික සුපිරි ලීගය - 2023

අෂාන්ගේ ශතකයෙන් කොළඹට සාර්ථක ආරම්භයක්

editorial - 2023 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ අද (16 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 297 ක් ලබා සිටියේය.

පළමු දිනය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි අෂාන් ප්‍රියන්ජන් හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 100 ක්ද, චමිඳු විජේසිංහ නොදැවී ලකුණු 27 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව කොළඹ ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 90 කි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මිනෝද් භානුක හතරේ පහර 11 ක් සමග ලකුණු 73 ක් රැස්කළ අතර සනෝජ් දර්ෂික (43) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක්ද, අෂාන් ප්‍රියන්ජන් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවන් ලකුණු 74 ක්ද එක් කිරීමට සමත් විය. දර්ෂිකගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.


කොළඹ පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 6 කට 297
(නිමේෂ් ගුණසිංහ 19, ලියෝ ප්‍රැන්සිස්කෝ 26, සනෝජ් දර්ෂික 43, මිනොද් භානුක 73, අෂාන් ප්‍රියන්ජන් නොදැවී 100, චමිඳු විජේසිංහ නොදැවී 27, හිමේෂ් රාමනායක 51/3, නුවන් ප්‍රදීප් 59/2)


අදහස් (1)

අෂාන්ගේ ශතකයෙන් කොළඹට සාර්ථක ආරම්භයක්
  • Vijitha Senaratne Friday, 17 February 2023 04:14 PM

    අශාන්ගේ ශතකයෙන් දඹුල්ලට සාර්ථක ආරම්භයක් ලෙස නිවැරැදි විය යුතුයි නේද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.