Last Update  :  2025-07-25 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් පූර්ව තරග අනිද්දා ඇරඹේ
කාන්තා ලෝක කුසලාන - 2022

අවසන් පූර්ව තරග අනිද්දා ඇරඹේ

editorial - 2022 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සංවිධනයෙන් නවසීලන්තයේදී පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අනිද්දා (30 වැනිදා) සහ 31 වැනිදා පැවැත්වීමට නියමිතය. 

වෙලින්ටන්හිදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී අපරාජිත ඕස්ටේ්‍රලියාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයත් තරග බිමට පිවිසෙනු ඇත. 

මූලික වටයේදී සහභාගි වූ තරග 7 ම ජය ලබා ලකුණු 14 ක් හිමිකරගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිස සිටින ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අවසන් පූර්ව පූර්ව වටයේදී පරාජය කිරීම කොදෙව් කණ්ඩායමට ඉතා අසීරු අභියෝගයක් වනු නොඅනුමානය. 

සහභාගි වූ තරග 7 න් 3 ක් ජයගෙන 3 ක් පරාජයවී සෙසු තරගය ජය පැදුමකින් තොරව අවසන් කරගෙන සිටි කොදෙව්වෝ, අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදාකර ගත්තේ මූලික වටයේ අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීම හේතුවෙනි. 

මූලික වටයේදී ඕස්ටේ්‍රලියාව හමුවේ පමණක් පරාජයට පත්වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර තරගාවලියට එක්වූ වඩාත් පෙරළිකාර කණ්ඩායම ලෙස හැඳින්විය හැකිය. ඔවුන් කල් තියාම අවසන් පූර්ව වටයට පිවිසීමත් සමග ඉන්දියාව සහ නවසීලන්තය වැනි ප්‍රබල කණ්ඩායම්වලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම තරමක් අසීරු විය. 

මූලික වටයේ අවසන් දිනය දක්වාම එංගලන්තයද අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කරගෙන නොසිටි නමුත්, අවසන් දිනයේදී බංග්ලාදේශය පරාජය කිරීමත් සමග ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකි විය. 

අවසන් පූර්ව තරගවලදී ජය ලබන කණ්ඩායම් අතර අප්‍රේල් මස 3 වැනිදා ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය. 

මේ දක්වා පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලි 11 න් 6 කදීම (1978, 1982, 1988, 1997, 2005 සහ 2013) ශූරතාව දිනාගැනීමට ඕස්ටේ්‍රලියාව සමත්ව ඇති අතර එංගලන්තය අවස්ථා 4 කදී (1973, 1993, 2009 සහ 2017) ඊට හිමිකම් කියා ඇත. සෙසු තරගාවලියේ ශූරතාව දිනාගනු ලැබ ඇත්තේ නවසීලන්තය (2000) විසිනි. 

-036 


අදහස් (0)

අවසන් පූර්ව තරග අනිද්දා ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.