Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවසන් පූර්ව තරග 23 වැනිදා සිට
ජාතික සුපිරි ලීගය - 2023

අවසන් පූර්ව තරග 23 වැනිදා සිට

editorial - 2023 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගාල්ල, දඹුල්ල, යාපනය සහ මහනුවර යන කණ්ඩායම් සමත්ව තිබේ. කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවූයේ කොළඹ කණ්ඩායමට පමණි.

අවසන් පූර්ව තරග දෙක එළඹෙන 23 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී පිළිවෙලින් ගාල්ල කණ්ඩායමට එරෙහිව යාපනය කණ්ඩායමද, දඹුල්ල කණ්ඩායමට එරෙහිව මහනුවර කණ්ඩායමද තරග බිමට පිවිසෙනු ඇත.

අවසන් පූර්ව තරගවලදී ජය ලබන කණ්ඩායම් දෙක අතර මාර්තු මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

තරගාවලියේ මූලික වටය ලීග් ක්‍රමයට අනුව පැවැති බැවින් සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 4 ට එරෙහිව තරග වැදිණ. එහිදී තරග 2 ක් ජයගෙන තරග 2 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් ගාල්ල කණ්ඩායම, ලකුණු 60.055 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

දෙවැනියා ලෙස අවසන් පූර්ව වටයට පිවිසි දඹුල්ල කණ්ඩායම තරගයක් ජයගෙන, තරගයක් පරාජය වී, තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට සමත් වුවද, ඔවුන් සහභාගි වූ සෙසු තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය. අවසන් පූර්ව වටයට පිවිසෙන විට දඹුල්ල කණ්ඩායම හිමිකර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 33.585 කි.

ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්ව සිටින යාපනය කණ්ඩායම ලකුණු 29.985 කට හිමිකම් කියමින් අවසන් පූර්ව වටයට පිවිසියේ තරගයක් ජයගෙන, තරගයක් පරාජය වී සෙසු තරග දෙකම ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමිනි.

සිවුවැනියා ලෙස අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමිකරගත් මහනුවර කණ්ඩායම තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජය වූ අතර ඔවුන් සහභාගි වූ තරගයක්ද විසඳුමකින් තොරව නිමාවට පත්විය. ඒ අනුව ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ලකුණු 27.775 ක් ලබාගනිමිනි.


අවසන් පූර්ව වටය
■ පෙබරවාරි 23 සිට 26 දක්වා - ගාල්ල කණ්ඩායමට එරෙහිව යාපනය කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

■ පෙබරවාරි 23 සිට 26 දක්වා - දඹුල්ල කණ්ඩායමට එරෙහිව මහනුවර කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

අවසන් පූර්ව තරග 23 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.