Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවිශ්කගෙන් ප‍්‍රවේගකාරී ශතකයක්

අවිශ්කගෙන් ප‍්‍රවේගකාරී ශතකයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර මොරටුවේදී පැවැති තරගය අද (8 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමා විය.

පානදුර රාජකීය මුල් ඉනිම ලකුණු 173 කට සීමා කළ ශාන්ත සෙබස්තියන් පිල පළමු ඉනිමේදී ජයක් වාර්තා කළ අතර සත්කාරක පිල වෙනුවෙන් ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප‍්‍රනාන්දු දෙවැනි ඉනිමේදී පන්දු 117 කදී නොදැවී ලකුණු 113 ක් ලබාගත්තේය. අවිශ්කගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් විය.

ශාන්ත සෙබස්තියන් විදුහල් පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 236 ක් ලබාගත්තේය. ඊයේ සවස කී‍්‍රඩාව නතර කරන විට පානදුර රාජකීය විදුහල් පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය.


ශාන්ත සෙබස්තියන් විදුහල සියලූ දෙනා දැවී 236
(විසල් සේනානායක 57, ගයාන් සිල්වා 44, මුදිත ප‍්‍රනාන්දු 35, අශාර් වර්ණකුලසූරිය 29, විරාජ් පෙරේරා 19, ඉෂාන් ද මෙල් 18, හෂාන් චාමර 63/4, විමුක්ති විමලසේකර 13/3, රවීන් ලක්‍ෂාන් 26/2)

පානදුර රාජකීය විදුහල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 173
(මාධව නිමේෂ් 83, රවීන් ලක්‍ෂාන් 35, විමුක්ති විමලසේකර 17, ඉෂාන් ද මැල් 24/3, නිමේෂ් බණ්ඩාර 46/2, ළහිරු හේෂාන් 14/4)

ශාන්ත සෙබස්තියන් විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 3 ට 152
(අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී 113, විසල් සේනානායක 19)

 


අදහස් (0)

අවිශ්කගෙන් ප‍්‍රවේගකාරී ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.