Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවිෂ්ක - කේෂාන් ශී‍්‍ර ලංකා යොවුන් පිලට ජය ගෙනෙති

අවිෂ්ක - කේෂාන් ශී‍්‍ර ලංකා යොවුන් පිලට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල සහ  ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල අතර කොළඹ කොල්ට්ස් කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති සිව්වැනි යොවුන් එක්දින ජත්‍යන්තර තරගයෙන් ලකුණු 80 ක පහසු ජයක් අත්කර ගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත්විය.

ඒ අනුව තරග 6 කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 4 ක් අවසානයේ 2-0 ලෙස පෙරමුණ ගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත්වූහ. තරගාවලියේ පළමු තරග 2 වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවිය.  

ජයග‍්‍රහණය සඳහා ලකුණු 279 ක ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියා  පහළ පිලට  ඕවර 45.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 198 ක් පමණි.

තම මංගල යොවුන් එක්දින ජත්‍යන්තර තරගයට සහභාගී වූ කේෂාන් විජේරත්න, දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 38 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්විය.

ලකුණු 32 කට කඩුලූ 3 ක් දවාගත් චරිත් අසලංක, තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑම සඳහා කේෂාන්ට අනගි සහයක් දුන්නේය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 278 ක් ලබාගත්තේය.

එහිදී විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ අවිෂ්ක ප‍්‍රනාන්දු පන්දු 103 කදී ලකුණු 127 ක් රැස්කරමින් තරගාවලියේ එකම ශතක ලාභියා බවට පත්විය. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.

පසිඳු ඉෂාර (29) සමග එක්ව ශ්‍රී ලංකා පිලේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යව ඉහළ දැමීමටද අවිෂ්ක ප‍්‍රනාන්දු සමත්විය.

අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරතවූ කණ්ඩායම් නායක චාමික කරුණාරත්න පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 35 ක් රැස්කළේය.  


ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල -  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 278
(දිනිත් තිමිද්‍ය 16, චරිත් අසලංක 17, කමිඳු මෙන්ඩිස් 25, අවිෂ්ක ප‍්‍රනාන්දු 127, පසිඳු ඉෂාර 29, චාමික කරුණාරත්න නොදැවී 35, වනිඳු හසරංග 43, දමිත සිල්වා 25, ඉසාක් බෝලන් 46/2, සෑම් ග‍්‍රිම්වේඞ් 37/2)

ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල -  ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී 198
(සෑම් හාපර් 35, පැට්‍්‍රක් මැකීනා 33, ටොම් හීලි 21, ක්ලින්ට් හින්ච්ලීෆි 19, ජොන්ටි පැටිසන් 25, මැතිව් කුනෙමාන් 16, කේෂාන් විජේරත්න 38/4, චරිත් අසලංක 32/3)


අදහස් (0)

අවිෂ්ක - කේෂාන් ශී‍්‍ර ලංකා යොවුන් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.