ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මගකට යොමු කිරීම සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව අධ්‍යයනය කර සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා විසින් පස් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුවේ සභාපතිවරයා වශයෙන් හිටපු අතුරු කමිටු සභාපතිවරයෙකු වන හේමක අමරසූරිය මහතා නම්කර තිබේ. අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරු එහි සෙසු සමාජිකයෝ වෙති. මෙම කමිටුව සදහා හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාටද ආරාධනා කර ඇත.
මෙම කමිටුව විසින් උක්ත වාර්තාව අධ්‍යයනය කර දෙවසරක කාලසීමාවක් සඳහා දිගු කාලීන, මධ්‍ය කාලීන සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාවට නැංවීම කළ යුතු බව ක්‍රීඩා ඇමතිවරයාගේ නිර්දේශය වී තිබේ. කමිටුවේ ඉදිරිකාලීන වැඩසටහනේ සැලසුම් ඉදිරි තෙමස ඇතුළත ඉදිරිපත් කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ සියලු කටයුතු සදහා පහසුකම් සපයනු ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් මෙම වාර්තාව අද (28 වැනිදා) ක්‍රීඩා ඇමතිවරයා වෙත බාරදෙන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.