Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල් තරගාවලියට තවත් කණ්ඩායම් 2 ක්

අයි.පී.එල් තරගාවලියට තවත් කණ්ඩායම් 2 ක්

editorial - 2021 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව පොහොසත්ම ක්‍රිකට් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (අයි.පී.එල්) පුළුල් කිරීමේ අදහසින් නව කණ්ඩායම් දෙකක් සඳහා ලංසු කැඳවීම ආරම්භ කර තිබේ. ලබන වසරේ (2022) පැවැත්වෙන අයි.පී,එල්. තරඟාවලියේදී කණ්ඩායම් සංඛ්‍යාව 8 සිට 10 දක්වා වැඩි කරන බව අයි.පී.එල් සංවිධායකයන් විසින් පවසා තිබුනද එහි මිළ ගණන් ඉදිරිපත් කිරීමේ නිවේදනය මඟින් එක් අයෙකුට පමණක් අවස්ථාව ඉදිරිපත් කර තිබේ.

කණ්ඩායමක් ලබා ගැනීමට සහ කලින් ගෙවිය යුතු ගාස්තු වෙනුවෙන් කණ්ඩායම් හිමිකරුවකුට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ආයෝජනයක් කිරීමට සිදු විය හැකිය. එහෙත් ඉන්දියාවේ සුප්‍රකට පතල් කැණීම් සමාගමක් වන අදානි වෙළඳ සමාගම ඇතුළු ප්‍රධාන ඉන්දීය සමාගම් තරගාවලියට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙති.

අයදුම්කරුවන්ට ඔක්තෝබර් 5 දක්වා ටෙන්ඩර් විස්තර ඉල්ලීමට අවස්ථාව තිබේ. එහෙත් දෙවන කණ්ඩායම සඳහා ලංසු ඉදිරිපත් කිරීම ආරම්භ කරන්නේ කවදාදැයි අයි.පී.එල් සංවිධායකයන් පවසා නැත.

සෑම වසරකම ඉන්දීය ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක් ගෙන එන අයි.පී.එල් තරගාවලියට පසුගිය වසර දෙක තුළ කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්විය. පසුගිය වසරේදී (2020) මුළු තරඟාවලියම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පවත්වන ලදි. 2021 තරගාවලියේ මුල් අදියර ඉන්දියාවේදී පැවැත්වුණි. එහෙත් ඉන්දියාවට බලපෑ කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය මැයි මස 4 වැනිදා අත්හිටවූ අතර තරගාවලියේ දෙවැනි අදියර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සැප්තැම්බර් 19 වනදා ආාරම්භ වීමට නියමිතව ඇත.

අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයන් වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ඒ වෙනුවෙන් වන ගාස්තු සහ මාධ්‍ය අයිතීන් වෙනුවෙන් අය කරන මිල ගණන් වැඩි කිරීම තුළින් වසරකට ඩොලර් මිලියන 100 කට වඩා උපයයි. නමුත් අයි.පී.එල් තරගාවලියෙහි කණ්ඩායම් සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීම නිසා තරඟ වැඩි ප්‍රමාණයක් පැවැත්වීමට සිදුවෙයි. එබැවින් ලොව පුරා සිටින විදෙස් ක්‍රීඩකයන්ට දිගු තරඟාවලියක් සඳහා කැපවීමට සිදුවනු ඇත.

අයි.පී.එල්. තරග සංඛ්‍යාව වැඩි කිරීම, ජාත්‍යන්තර ක්‍රිකට් දින දසුනට බලපෑම් කරන්නක් වන බැවින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ අනෙකුත් ප්‍රධාන ක්‍රිකට් රටවල් ඒ සම්බන්ධයෙන් තරමක කනස්සල්ල පළ කර ඇත. දැනට සිටින කණ්ඩායම් අට, එකිනෙකාට එරෙහිව දෙවරක් ක්‍රීඩා කරයි. අතර පසුව හොඳම කණ්ඩායම් හතර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට ක්‍රීඩා කරති.

තරගාවලියට කණ්ඩායම් 10 ක් එක්වුවහොත්, පැවැත්වීමට සිදුවන තරග සංඛ්‍යාව 94 ක් වනු ඇත. එබැවින් සමහර විට අයි.පී.එල් තරගාවලිය කණ්ඩායම් 5 බැගින්වූ කාණ්ඩ දෙකකට බෙදනු ඇති බවත් අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරග පැවැත්වෙනු ඇති බවත් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව දැනට පැවැත්වෙන තරඟ 60 කින් යුත් තරඟාවලිය තරග 74 ක් දක්වා ව්‍යාප්ත වනු ඇත.

නව කණ්ඩායම් සඳහා මූලස්ථාන විය හැකි නගර ලෙසින් අහමදාබාද්, කොචි, ලක්නව්, පූනේ, රංචී යන නගර සලකා බැලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. සුප්‍රකට අදානි සමාගමේ මූලස්ථානය පිහිටා ඇත්තේ අහමදාබාද්හි නුවරය. ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා බදුදී ඇත්තේද අදානි සමාගමටයි.

ලීග් තරගාවලි හිමිකරුවන් අතර ගෝලීය වශයෙන් පෙරමුණ ගැනීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අභිලාෂය වී තිබේ. එම අරමුණු ගැන බලාපොරොත්තු ඇති කරමින්, ජනපද ප්‍රාග්ධන අරමුදල වන රෙඩ්බර්ඩ් සමාගම විසින් පසුගිය ජුනි මාසයේදී රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ කොටස් වලින් 15% ක් මිළදී ගෙන ඇත.එංගලන්තයේ ‘ලිවර්පූල්’ පාපන්දු සමාජයේ මෙන්ම ඇමරිකාවේ බොස්ටන් නුවර පිහිටි ‘රෙඞ් සොක්ස්’ බේස්බෝල් කණ්ඩායමේ කොටස්ද රෙඩ්බර්ඩ් සමාගම සතුව තිබේ.

- 2079

 


අදහස් (0)

අයි.පී.එල් තරගාවලියට තවත් කණ්ඩායම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.