Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. අද ඇරඹෙයි

අයි.පී.එල්. අද ඇරඹෙයි

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17 වැනි අදියර අද (22 වැනිදා) ආරම්භ වන අතර එහි සමාරම්භක තරගයේදී ඉකුත් වසරේ (2023) ශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය්දී තරග බිමට පිවිසීමට නියමිතය. 

කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර මෙවර අයි.පී.එල්. තරගාවලිය තරග 74 කින් සමන්විත වන අතර මූලික වටයේ තරග 70 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඊට ඇතුළත් වේ. ඉන්දියාව පුරා ක්‍රීඩාංගණ 12 කදී මෙවර තරගාවලියේ තරග පැවැත්වීමට නියමිතය. 

කෙසේ වුවත් මූලික වටයේ තරග 21 ක් පැවැත්වීමෙන් අනතුරුව අප්‍රේල් මස 7 වැනිදා සිට ඉන්දීය ලෝක් සභා මැතිවරණය පැවැත්වීම සඳහා තාවකාලිකව මෙම තරගාවලිය නතර කෙරෙන අතර එය යළි ආරම්භ කෙරෙන දිනයක් තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කර නොමැත. 

ලෝක් සභා මැතිවරණය අප්‍රේල් මස 19 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බැවින් බොහෝ දුරට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉතිරි කොටස ජූනි මස 1 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙනු ඇත. 

මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉදිරියෙන්ම සිටින අතර මේ දක්වා ඔවුන් ශූරතා 5 කට (2010, 2011, 2018, 2021 සහ 2023) සහ අනු ශූරතා 5 කට (2008, 2012, 2013, 2015 සහ 2019) හිමිකම් කියයි. 

මේ දක්වා ශූරතා 5 ක් (2013, 2015, 2017, 2019 සහ 2020) සහ එක් අනු ශූරතාවක් (2010) හිමිකර ගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමද මෙවර තරගාවලියට සහභාගි වන තවත් ප්‍රභල කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය. 


-036 


අදහස් (0)

අයි.පී.එල්. අද ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.